ව්‍යවසායකයන් නඟා සිටුවන ඇසට්ලයින් ෆිනෑන්ස් | සිළුමිණ

ව්‍යවසායකයන් නඟා සිටුවන ඇසට්ලයින් ෆිනෑන්ස්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් වෙතින් දේශයට ජවයක් ලෙස නම් කෙරුණු කාලෝචිත ආයතනික සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. ඉදිරියේදී රට පුරා පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක පළමු වැඩසටහන වන මෙය දකුණු පළාතෙන් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා 100කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් සහභාගී විය. මාතර, කඹුරුගමුවේ පිහිටි DPMC ශ්‍රවණාගාරයේදී මෙම වැඩමුළුව පැවැත්විණි.

රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් ගොඩනැංවීම සහ ඔවුන්ගේ ශක්තිමක් ජාලයක් බිහි කිරීමේ වැදගත්කම මෙම වැඩමුළුවේ සම්පත් දායකයා ලෙස සහභාගී වුණු එච්. සී. පී. කන්සල්ටින් (ප්‍රයිවට්) ලිමිටඩ් සභාපති සහ ජ්‍යේෂ්ඨ උපදේශක, ආසියා පැසිෆික් මූල්‍ය සහ ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයයේ සභාපති සහ ප්‍රවීණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාසායකත්ව පුහුණු උපදේශක, ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී චාමින්ද කුමාරසිරි විසින් වැඩසටහන ආරම්භයේදී පැහැදිලි කරන ලදි.

Comments