
ලොව ප්‍රමුඛතම සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සන්නාමයේ නිෂ්පාදන විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් Dettol හට ලංකා අලෙවිකරණ ආයතනය SLIM විසින් 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළේදී (SLIM Brand Excellence Awards) ගෞරවනීය සම්මාන දෙකක් දිනාගන්නා ලදි.
2022 දෙසැම්බර් 8 වන දින පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ නිෂ්පාදන සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ගෝලීය සන්නාමය සඳහා ලෝකඩ සම්මානය සමඟින් Dettol සිය නිෂ්පාදන පිරිනැමීම සහ පාරිභෝගික සම්බන්ධතා පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා දරන උත්සාහය ඇගයීමට ලක් විය.