බවර් සමාගම ස්විට්සර්ලන්ත රජය සමඟ අත්වැල් බැඳගනියි | සිළුමිණ

බවර් සමාගම ස්විට්සර්ලන්ත රජය සමඟ අත්වැල් බැඳගනියි

විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් සහිත ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ Swiss Hospitality & Management Academy (SHMA) ආයතනය, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමේ අදහසින්, මෑතකදී පුද්ගලික සහ සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වන ස්විස් ඒජන්සිය (SDC) සමඟ රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇරඹීය.

මේ සඳහාවන ගිවිසුම අත්සන් කිරීම, 2022 දෙසැම්බර් 8 වැනිදා කොළඹ ස්විස් තානාපති කාර්යාලයේදී පැවැත්වුණි. බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් සහ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති ආචාර්ය ඩී. ෆර්ග්ලර් සමඟ අදාළ ගිවිසුම හුවමාරු කරගත්හ.

Comments