කොමර්ෂල් බැංකුවට ජාතික තත්ත්ව සම්මානය | සිළුමිණ

කොමර්ෂල් බැංකුවට ජාතික තත්ත්ව සම්මානය

ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ලංකා ප්‍රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගැනීමට සමත්විය.

කොමර්ෂල් බැංකුව, මෙම ගෞරවනීය සම්මානය දිනාගත් ලංකාවේ එකම බැංකුව වේ.

ලංකා ප්‍රමිති ආයතනය විසින් වාර්ෂිකව පවත්වන සම්මාන ප්‍රදානෝත්සවයේදී සේවා අංශයේ ‘මහා පරිමාණ ව්‍යාපාරික’ කාණ්ඩයේ ගුණාත්මක කළමනාකරණයේ විශිෂ්ටත්වය සහ ගුණාත්මක ජයග්‍රහණ වෙනුවෙන් කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගන්නා ලදි.

Comments