
සේවා ස්ථානයේ සේවය කරන කාන්තාවන් අභිවෘද්ධියට පත් කිරීමට සහ සවිබල ගැන්වීමට ගන්නා ප්‍රයත්නයන් අගයමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දෙවන වරට පැවැත් වූ 2022 කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උලෙළේදී (WFWA) කාන්තාවන්ට සේවය කිරීම සඳහා වඩාත් හිතකර සේවා සංස්කෘතියක් ඇති සේවා ස්ථානයක් ලෙස පසුගියදා පිළිගැනීමට ලක් විය. කාන්තාවන් සවිබල ගන්වන සංස්කෘතියක් පවත්වාගෙන යන සමාගම් ඇගැයීමට පාත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) සහ SATYN සඟරාව විසින් මෙම සම්මාන උලෙළ සංවිධානය කරන ලදි.