
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩව පස් වන වසරටත් ස්වාධීන විශ්ලේෂකයෙකු වන Great Place to Work® වෙතින්, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් සඳහා සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සම්මානයෙන් පිදුම් ලද අතර, කාන්තාවන්හට ඔවුන්ගේ වෘත්තීය මෙන්ම ජීවිතය තුළත් සමෘද්ධිමත් වීම සඳහා සහාය වේ. කාන්තා නියෝජනය සහතික කිරීමට එහි කැපවීම අවධාරණය කර සිටියි.
AIA, කාන්තාවන් සඳහා සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දරන උත්සාහයන් වෙනුවෙන් තවත් සම්මාන ප්‍රදානය කරන ආයතනයක් විසින් තවදුරටත් ඇගයීමට ලක් විය.
2022 වසර සඳහා කාන්තාවන්හට වඩාත් හිතකාමී ලෙස ක්‍රියා කරන සුවිශේෂී සමාගමක් වශයෙන් Satynmag.com සහ CIMA Sri Lanka යන ආයතන මඟින්, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නම් කරන ලදි. මෙම අසමසම සම්මානය මඟින් සේවා ස්ථානය තුළදී කාන්තාවන් දිරිමත් කරන්නා වූ සහ සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී පියවර ගෙන ඇති සමාගම් ඇගයුමට ලක් කරයි.