
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට සිය උපරිමය වෙත ළඟා වීමට සෑම විටම උපකාරී වෙයි. එම මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට අත්වැලක් සැපයීමට සෙලාන් බැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටී.
විදේශ විනිමය යනු මේ වනවිට රටේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී ඇත. රටේ විදේශ විනිමය සංචිතවල වර්ධනයට අතීතයේ පටන්ම විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මඟින් විශාල දායකත්වයක් ලැබුණු නමුත්, මෑතකාලීනව එම දායකත්වය කැපීපෙනෙන ලෙස අඩු වී තිබේ.