මහජන බැංකුවෙන් පිරිවෙන්වලට පාසල් උපකරණ | සිළුමිණ

මහජන බැංකුවෙන් පිරිවෙන්වලට පාසල් උපකරණ

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව සහ ඊට අනුබද්ධ දෙපාර්තමේන්තු විසින් මීගහතැන්න ක/ විද්‍යාරාම විද්‍යායතන පිරිවෙන හා ශ්‍රී සරණංකර මූලික පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය හිමිවරුන් සහ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පිරිනමන ලදි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) කේ.ඒ නිහාල්, සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) මංජුල දිසානායක ප්‍රධාන කළමනාකාරිනී (මානව සම්පත්) අමල්කා රණසිංහ ඇතුළු එම දෙපාර්තමේන්තුවල කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී විය.

Comments