ඉන්දීය මහ කොමසාරිස්, හොරණ TVS සංකීර්ණය නරඹයි | සිළුමිණ

ඉන්දීය මහ කොමසාරිස්, හොරණ TVS සංකීර්ණය නරඹයි

මෑතකදී සිය වසරක අභිමානවත් ගමන්මඟ සමරන ලද හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැමිණියේය. මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබාදුන් කළමනාකරුවන් සහ කාර්මික ශිල්පීන් සමග සුහද කතාබහකද නිරත විය.

විශේෂයෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත ලබාදෙන TVS හි කැපී පෙනෙන දායකත්වය අතිගරු ගෝපාල් බාග්ලේ මහතා ඉතා ඉහළින් අගය කළේය.

එහිදී, අනෙකුත් ඉන්දීය ව්‍යවසායන්ද, TVS හි මෙම මඟපෙන්වීම අනුගමනය කරමින්, වත්මන් අර්බුදය සමඟ කටයුතු කිරීමටත්, මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ රජය සමඟ අත්වැල් බැඳගනු ඇති බවට ඉන්දීය මහ කොමසාරිස්වරයා විශ්වාසය පළ කළේය.

Comments