මාලදිවයිනේ සමුද්‍රීය ඉංජිනේරු විසඳුම් ඉහළ නැංවීමට DIMO දායකත්වය | සිළුමිණ

මාලදිවයිනේ සමුද්‍රීය ඉංජිනේරු විසඳුම් ඉහළ නැංවීමට DIMO දායකත්වය

DIMO Marine Solutions කණ්ඩායම සේවයේ යෙදෙමින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩි දියුණු කිරීම සඳහා නව සැලසුම් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්‍රා එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන 'DIMO Marine Solutions' හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි සුඛෝපභෝගී යාත්‍රා සහ නිවාඩු නිකේතන හිමියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සේවා දියත් කිරීමට සූදානමින් සිටී. 2017 වසරේදී DIMO මාලදිවයිනේ සාමුද්‍රීය ඉංජිනේරු සේවා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් 'Coastline Investments' සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය.

මාලදිවයින හා ජාත්‍යන්තර සමාගම් සහභාගි වූ මාලදිවයිනේ ජාතික බෝට්ටු සංගමයේ (NBAM) නිල ප්‍රදර්ශනය සඳහා සහභාගි වෙමින් DIMO, මාලදිවයින තුළ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට ඉදිරි පියවරක් තැබීය. DIM සමුද්‍ර ඉංජිනේරු අංශය අධීක්‍ෂණය කරනු ලබන DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර පැවසුවේ, "සංචාරක ව්‍යාපාරය මාලදිවයිනේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධානතම සාධකයයි. කොවිඩ් 19 වසංගතයේ අභියෝග ජය ගනිමින් එරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා.

සංචාරක කර්මාන්තය යළි පිබිදීමත් සමඟ, මාලදිවයිනේ සුඛෝපභෝගී යාත්‍රාවල සිට සංචාරක නිවාඩු නිකේතන කළමනාකරණය දක්වා සමුද්‍රීය ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ විවිධ නව අවස්ථා නිර්මාණය වෙමින් පවතින බව DIMO අපි නිරීක්ෂණය කළා. දශක 8කට වැඩි අත්දැකීම්වලින් සමන්විත DIMO, සිය Marine Engineering Solutions අංශය හරහා මෙම ව්‍යාපාරික අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරනවා. ඒ ඔස්සේ නිර්මාණය වන අපගේ නව සේවාවන්ගේ ප්‍රතිඵලයක් විදියට මෙම කලාපයේ ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට DIMO නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙනි.

DIMO Marine Engineering, මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත මුහුදු ජලය හා කිවුල් ජලය පිරිපහදු කිරීමේ පද්ධති සහ අපජල කළමනාකරණ පද්ධති හඳුන්වා දෙමින් සිය නිෂ්පාදන දාමය වඩාත් පුළුල් කිරීමට ද සමත් වී ඇත. ඒ සඳහා DIMO නවීනතම ජල පිරිපහදු පද්ධති සහ අපජල කළමනාකරණ විසඳුම් සපයන්නකු වන 'ROCHEM' සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත.

DIMO විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම ව්‍යාපෘති සූක්ෂ්ම ලෙස සැලසුම් කිරීම, අධීක්‍ෂණය කිරීම මෙන්ම සමුද්‍ර යාත්‍රා අලුත්වැඩියා ක්ෂේත්‍රය ආශ්‍රිතව වසර 30කට අධික පළපුරුද්ද හා ඉහළ සුදුසුකම් සහිත දක්ෂ කාර්ය මණ්ඩලයක් මඟින් ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.

 

Comments