SLT සමූහය 2022 තිරසර ප්‍රගතියක් වාර්තා කරයි | Page 2 | සිළුමිණ

SLT සමූහය 2022 තිරසර ප්‍රගතියක් වාර්තා කරයි

SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ මුල් මස 9 තුළ රු. බිලියන 79.6ක ධනාත්මක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 3.9%ක ඒකාබද්ධ වර්ධනයකි. මූල්‍ය සහ මෙහෙයුම් කළමනාකරණය වෙනුවෙන් ගත් විචක්ෂණශීලි සහ කඩිනම් පියවර මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ව්‍යාපාර ආකෘතියේ ශක්‍යතාව විදහා දක්වමින්, සමාගම් මට්ටමින්, SLT හි තුන්වැනි කාර්තුවේ ආදායම රුපියල් බිලියන 16.9 දක්වා වර්ධනය වූ අතර, එය පසුගිය වසරේ සමාලෝචිත කාලසීමාවට සාපේක්ෂව 7.4%ක වර්ධනයකි. එමෙන්ම වසරේ මේ දක්වා මුළු ආදායම සලකා බැලීමේදී, එය රු. බිලියන 49.4ක් දක්වා, එනම් 10.6% කින් වර්ධනය වී තිබේ. 2022 මුල් මාස 9 තුළ SLT සමූහය ඍජු හා වක්‍ර බදු සහ ලාභාංශ වශයෙන් ශ්‍රී ලංකා රජයට රු. බිලියන 21ක මුදලක් ගෙවා ඇත.

පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ තුන්වැනි කාර්තුවේ සමූහයේ දළ ලාභය 0.8%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 11.1 ක් දක්වා වැඩි වී ඇත. සමූහයේ මුල් මාස 9හි දළ ලාභය, පෙර වසරට සාපේක්ෂව 3.4%ක පහළ යාමක් පෙන්නුම් කරමින්, රු. බිලියන 33.4ක් ලෙස වාර්තා වී ඇත. සමූහයේ බදු-පසු ලාභය (පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව) 27.1% දක්වා පහළ ගිය අතර, වසරේ මේ දක්වා බදු-පසු ලාභය ද 34.1%ක පහළ යාමක් පෙන්නුම් කරයි.

Comments