HNB FINANCE වෙතින් රිජ්වේ ආර්යා ළමා රෝහලට ව්‍යාපෘතියක් | සිළුමිණ

HNB FINANCE වෙතින් රිජ්වේ ආර්යා ළමා රෝහලට ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ආයතනික ප්‍රවේශය යටතේ සිදු කළ නවතම ව්‍යාපෘතිය රිජ්වේ ආර්යා ළමා රෝහල කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. සිය ප්‍රජා පාදක ව්‍යාපෘතීන් පිළිබඳ වූ කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින් රිජ්වේ රෝහලේ වාට්ටු අංක 9යෙහි ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවපත් ජීවන පැවැත්ම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරිණ.

HNB FINANCE විසින් සිදු කළ ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ වාට්ටු අංක 9 සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කළ අතර, ප්‍රතිකාර ලබන සෑම දරුවකුටම ත්‍යාග පාර්සලයක් ද ලබා දෙනු ලැබීය. මීට අමතරව වාට්ටු අංක 9 පිළිසකර කර එහි තීන්ත ආලේපනය කිරීම ද මේ යටතේ සිදු විය. එමෙන්ම ගැයුමෙන් සහ වැයුමෙන් දරුවන් පිනවීමට HNB FINANCE කණ්ඩායම කටයුතු කරන ලදි.

Comments