CDB ආයතනය තවත් සමාජ සත්කාරයක | සිළුමිණ

CDB ආයතනය තවත් සමාජ සත්කාරයක

පසුගියදා සැමරූ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන්, පානදුර ධීවර වරාය ආසන්නයේ මෝදර - පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800ක පමණ ප්‍රදේශයක් පිරිසිදු කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) කාර්ය මණ්ඩලය කටයුතු කළහ. මේ සඳහා Biodiversity Sri Lanka (BSL) සංවිධානයේ සහ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහයෝගයද හිමි විය. එගොඩ උයන ප්‍රදේශයේ සිට දකුණු දෙසට විහිදෙන මෙම වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා CDB කාර්ය මණ්ඩලයේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ද දායක වීම විශේෂත්වයකි.

Biodiversity Sri Lanka, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන හා සංවිධාන රැසක් සමඟ එක්ව ක්‍රියාවට නංවනු ලබන ‘Life to our Beaches’ ව්‍යාපෘතියෙහි තවත් අදියරක් ලෙස මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක කරන ලදි. රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර මෙන්ම ප්‍රජාව සමඟ පවත්වාගෙන යන හවුල්කාරීත්වයක් වන මෙය, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය රැකගැනීම පිළිබඳව මෙන්ම වෙරළාශ්‍රිතව ජීවත් වන ප්‍රජාවන්ගේ යහපත පිළිබඳවද දැඩි අවධානයක් යොමුකරයි.

Comments