
ආසියාව සඳහා වූ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කප්‍රොත් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සදහා වන ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම ඔහුගේ සංචාරයේ අරමුණ බවයි.
මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ ආර්ථික විශේෂඥයින් සමඟ ද ආසියාව සදහා වන එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කප්‍රොත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.