
ලෝකප්‍රකට ශක්තිජනක පානයක් ලෙස සැලකෙන රෙඩ්බුල් (Red Bull)සමාගමේ සම හිමිකරු ඩීට්‍රිච් මැට්ස්චිට්ස් (Dietrich Mateschitz)අභාවප්‍රාප්ත වේ.
මියයන විට ඔහු 78 වැනි වියෙහි පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැට්ස්චිට්ස් දීර්ඝ කාලයක් තිස්සේ ඔහු රෝගාතුරව සිටි ඇත.
රෙඩ්බුල් ශක්තිජනක පානය ගෝලීය වෙළඳපොළේ ප්‍රමුඛයා වීමේ පිටුපස ඩීට්‍රිච් මැට්ස්චිට්ස් ගාමක බලවේගය වූ බවට සැලකේ.
1984 දී රෙඩ්බුල් ශක්තිජනක පානය නිපදවීම ආරම්භ කළ අතර ඔහු ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන තරඟාවලියට ඇලුම්කළ පුද්ගලයෙකු ලෙස සැලකේ. ඒ සඳහා ඇති දැඩි කැමැත්ත හේතුවෙන් රෙඩ්බුල් සමාගම ආරම්භ කර වසර 20කට පසුව ජගුවර් ෆෝමියුලා වන් මිලදී ගෙන එය රෙඩ්බුල් රෙසිංන් ලෙස පවත්වාගෙන යාමටත් කටයුතු කර තිබේ.
රෙඩ්බුල් කණ්ඩායමේ ප්‍රධානියා වන ක්‍රිස්ටියන් හෝනර් පැවසුවේ, මෙම මරණය එය ඉතා කණගාටුදායක බවයි.