සති අන්තයේ අනු­ර­පුර වන්ද­නා­වට සුඛෝ­ප­භෝගී දුම්රි­යක් | සිළුමිණ

සති අන්තයේ අනු­ර­පුර වන්ද­නා­වට සුඛෝ­ප­භෝගී දුම්රි­යක්

සංචාරකයන් හා වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සඳහා සති අන්තයේ කොළඹ කොටුව හා අනුරාධපුරය අතර නව සුඛෝපභෝගී දුම්රියක් ධාවනයට යොදවා ඇත. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත මේ දුම්රිය ආරම්භ කර තිබේ. දුම්රියේ මංගල ගමන ඔක්තෝබර් 8 වෙනිදා කොළඹ කොටුවෙන් සිදු කෙරිණි.

මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9.20 ට  කොළඹ කොටුවෙන් පිටත්ව පස්වරු 1.42ට අනුරාධපුරයට ළඟා වේ. ඉරිදා පස්වරු 5.00ට අනුරාධපුරයෙන් පිටත්වන මේ දුම්රිය රාත්‍රී 9.14ට කොළඹ කොටුවට ළඟා වේ. වායු සමනය කළ 1 පන්තියේ මැදිරි 10කින් හා දෙවන පන්තියේ මැදිරි දෙකකින් සමන්විත මේ දුම්රියේ 1 පන්තියේ එක් ගමන් වාරයක් සඳහා රුපියල් 2400ක මුදලක් අය කෙරේ. නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය රාගම, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව හා අනුරාධපුර නව නගරය පමණක් නවත්වනු ඇත. මෙම දුම්රියේ සියලු ආසන දින 30කට පෙර සිටම වෙන් කරවා ගත හැකිය.

 

Comments