තෙල්වල නිසි ප්‍රමි­ති­යක් නැහැ | සිළුමිණ

තෙල්වල නිසි ප්‍රමි­ති­යක් නැහැ

ණ්ඩුවට ඩොලර් නැති නිසා තෙවැනි බොරතෙල් නැව ගොඩ බෑමට නොහැකි වී ඇති බවත් දැනට ආනයනය කර ඇති නැවේ තෙල් පාවිච්චියට ගැනීමට බැරි තත්ත්වයක් පවතින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පවසයි.

එම බොරතෙල් බලාගාරවලට යැවීමට පවා නොහැකි වී ඇති බවත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රමාණවත් තෙල් පවතින බවත් යුරාල් මඟින් ගෙන්වන ලද තෙල් නිසි ප්‍රමිතියකට නොමැති බවද මන්ත්‍රී රණවක කියා සිටියේය. එසේම ආනයනික පෙට්‍රල් බහුතරයක ඔක්ටේන් ප්‍රතිශතය 92%ක් නොමැති අතරම එය ප්‍රතිශතයක් ලෙස 80% පමණ වන බවද ඔහු කීවේය.

 

Comments