
වසර තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය සහ පැරණි සංඝාවාසය හා බුද්ධ වන්දනා මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් පසුගිය 24 දා චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය නුගගොල්ලේ චන්ද්‍රරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. චෙන්නායි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කතේෂ්වරන්ගේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා කවුන්සලයේ සභාපති, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි.