ළමා දිනයේ සත්වෝද්‍යානවල ආදායම් වාර්තා ඉහළට | සිළුමිණ

ළමා දිනයේ සත්වෝද්‍යානවල ආදායම් වාර්තා ඉහළට

දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළ දී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනයේ දී වාර්තා කර තිබේ.
 
එම දිනයේ දී ජාතික දෙහිවල සත්වෝද්‍යානය විසින් ලබා ඇති මුළු ආදායම රුපියල් 50,80,377කි.
 
මීට සමගාමීව අනෙකුත් සියලුම සත්ව උද්‍යානවලින් ද මෙතෙක් එක් දිනයක දී ලද වැඩිම ආදායම ලෝක ළමා දිනයේ දී ලබා ගැනීමට හැකි වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
 
ඒ අනුව පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය ලබා ඇති ආදායම රුපියල් 9,47,000කි. පින්නවල සත්වෝද්‍යානය රුපියල් 9,49,200ක් ද, රිදියගම සෆාරි උද්‍යානය විසින් රුපියල්  8,56,000ක මුදලක් ද උපයා ගෙන තිබිනි.
 
ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට හා අවුරුදු 60ට වැඩිහිටියන්ට  නොමිලයේ සත්වෝද්‍යානවලට ඇතුල්වීමට අවසර ලබා දී තිබිය දීත් මෙවැනි ඉහළ ආදායමක් ඉපැයීමට හැකි වූ පළමු අවස්ථාව බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.
 

Comments