ADB සහාය ඉදි­රි­ය­ටත් ශ්‍රී ලංකා­වට | සිළුමිණ

ADB සහාය ඉදි­රි­ය­ටත් ශ්‍රී ලංකා­වට

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහයෝගයෙන් කටයුතු කරන බව එහි සභාපති සත්සුගු අසකාවා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත ඉකුත් සිකුරාදා සහතික විය. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මේ බව දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ මැනිලා නුවර එම බැංකු මූලස්ථානයේදී පැවැති නිල සාකච්ඡාවේදීය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ආසියානු සංවර්ධන බැංකුවට යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ලොව ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකිවන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහායෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙසය.

 

Comments