Huawei හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක | සිළුමිණ

Huawei හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක

ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැඟීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මේ හරහා විශ්වවිද්‍යාල සිසුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර පුහුණු වීම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, Huawei විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ Huawei ICT ඇකඩමියක් සහ ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීමට ද අපේක්ෂා කරයි. මෙම ගිවිසුම දේශීය තාක්ෂණික කුසලතා පද්ධතිය ගොඩනැඟීමට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ දියුණුව සඳහා දායක වනු ඇත.

Comments