දිනිත් චින්තක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් ධුරයට | Page 2 | සිළුමිණ

දිනිත් චින්තක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් ධුරයට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පසුගිය 8 වෙනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වැඩ බාර ගත්තේය.

ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි දිනිත් චින්තක කරුණාරත්න ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දිනිත් චින්තක ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යායතනයේ සන්නිවේදන විෂය පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරා ඇත. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක්ද එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් නිශාන්ත

 

Comments