
අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවසන් කටයුතු 19 වෙනි සඳුදා රාජකීය උත්තමාචාර මැද සිදු කෙරේ. ඉකුත් 8 වැනිදා ඇය මිය යන විට 96 හැවිරිදි වියේ පසු වූවාය. මහ රැජනට ගෞරවයක් වශයෙන් 19 සඳුදා ශ්‍රී ලංකාවේද ජාතික ශෝක දිනයක් රජය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
වසර 1952 - 1972 දක්වා අග රැජන ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා මෙරට සියලුම රාජ්‍ය ආයතන පසුගිය 9 වෙනිදා සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලදි.
දෙවන එලිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 9 වැනි සිකුරාදා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්ද පවත්වනු ලැබීය.