
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ රජයේ බලධාරීන් අතර සාකච්ඡා අද(24) පෙරවරුවේ ආරම්භ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණියේ ඊයේ රාත්‍රියේ දී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ලබන 31වැනිදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.
එහි ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් යන මහත්වරුන් ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.
මෙම සාකච්ඡා වලදී මෙරට ආර්ථික හා මූල්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව දීර්ඝ වශයෙන් අවධානයට ලක්කිරීමට නියමිතය. ඒ අනුව තාක්ෂණික මට්ටමේ පළමු සාකච්ඡා වටය අද පෙරවරුවේ ආරම්භ විය. අදාළ සාකච්ඡාව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහ බැංකු අධිපතිවරයා ඇතුළු එහි නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එක්විය.