අනිද්දා සිට රජයේ සේවකයන් දවස් පහම වැඩ | Page 14 | සිළුමිණ

අනිද්දා සිට රජයේ සේවකයන් දවස් පහම වැඩ

රජයේ සේවකයන් කොටස් වශයෙන් සේවයට කැඳවීම ලබන 24 වැනි දායින් අවසන් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මයාදුන්නේ මහතා පැවසීය.
 
ඒ අනුව ලබන 25 වැනි දා සිට සියලු රාජ්‍ය සේවකයන් දින පහම සේවයට වාර්තා කළ යුතුව තිබේ. දැනට රාජ්‍ය සේවකයන් කොටස් වශයෙන් සේවයට කැඳවා නිකුත් කළ චක්‍රලේඛයට අදාළ කාලය ලබන 24 වැනි දායින් අවසන් වෙයි.

Comments