
ජනතාවට සහන සැලසිය හැකි සර්ව පාක්ෂික යාන්ත්‍රණයකට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සිළුමිණට කීය. ඒ සම්බන්ධව සමගි ජන බලවේගයේ යෝජනා මේ වන විටත් ජනාධිපතිවරයාට ලබා දී ඇති බව පෙන්වා දුන් අත්තනායක මහතා පැවසුවේ මේ අවස්ථාවේදී රජය කටයුතු කළ යුත්තේ ඇමැතිධුර පෙන්වා දෙමින් මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට නොවන බවද කීවේය. ජනතාවට සහන සැලසිය හැකි ක්‍රමවේදයකට සියලු පක්ෂ සහාය ලබා ගැනීම රජය කළ යුතු බව පෙන්වා දුන් ඔහු පැවසුවේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවා එම කමිටු හරහා ප්‍රතිපත්ති සැලසීම සමාලෝචනය කිරීම මෙන්ම ජනතාවට සහන සැලසීමට ක්‍රියා කිරීම කළ යුතු බවයි.