
ලෝකයට පෙන්වීමට ආණ්ඩුවකට අවශ්‍ය කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එකඟ නොවන බවත් ජනතා හිතවාදී, රටට හිතවාදී ඕනෑම සර්ව පාක්ෂික කටයුත්තක් වෙනුවෙන් තම පක්ෂය එකඟ වී කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල සිළුමිණට කීය.
ජනතා හිතවාදී රටට හිතකර සර්වපාක්ෂික ආණ්ඩුවකට අවශ්‍ය යෝජනා මාලාවක් තම පක්ෂය විසින් ලිඛිතව ඉදිරිපත් කර ඇති බව පැවසූ ඒ මහතා ඒ අනුව ආණ්ඩුව කටයුතු කළ හැකිනම් තම පක්ෂයේ සහාය ඊට හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.