
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මේ වසර නිමවන විට නව ආයෝජන ව්‍යාපෘති යටතේ ඇමරිකන් ඩොලර් කෝටි 200ක (ඇමරිකන් ඩොලර් බිලියන 2ක) ඉලක්කයක් බලාපොරොත්තු වූ බවත් මේ වන විට අපේක්ෂිත ඉලක්කයෙන් අඩකටත් වඩා වැඩි ආයෝජන ඉලක්ක සපුරා ගෙන ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් සිළුමිණට පැවසුවාය.
ආයෝජන මණ්ඩලය මේ වන විට ව්‍යාපෘති 75 ක් සඳහා ගිවිසුම්ගතවී ඇති බවත් එහි සමස්ත වටිනාකම ඇමරිකන් ඩොලර් කෝටි 129ක් බවත් ඇය පෙන්වා දුන්නාය. යෝජිත ව්‍යාපෘති 75 න් 26 ක්ම නව ව්‍යාපෘති වන අතර, ඉතිරි ව්‍යාපෘති 49 පවතින ව්‍යාපාර පුළුල් කිරීම් බවද ඇය පැවසුවාය.
මේ වසරේ පළමු කාර්තුව තුළ ඍජු විදෙස් ආයෝජන ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 228ක ආයෝජන ලැබී ඇතැයි පැවසූ ඇය පෙන්වා දුන්නේ ආයෝජන මණ්ඩලයේ ඉලක්ක අනුව ඇමරිකන් ඩොලර් කෝටි 200 ඉලක්කය කරා යාම අපහසු නොවන බවයි.
ආයෝජන මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් පසු මේ වන විට ඇමරිකන් ඩොලර් කෝටි 2020 ක සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට හැකිවී ඇති බව පෙන්වා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවේ මේ වන විට කර්මාන්තශාලා 1,500 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන බවයි.
නිදහස් වෙළඳ කලාප තුළ එම ව්‍යවසායකයන් ඔස්සේ ව්‍යාපෘති 280ක් ක්‍රියාත්මක වන බවත් එයින් ලක්ෂ 5 කට පමණ රැකියා අවස්ථා හිමිව ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම එයින් 140,000 ක පිරිසක් නිදහස් වෙළඳ කලාප තුළ සේවය කරනු ලබන බවද ඇය කීවාය.