මෙවර උසස් පෙළට 80% අනි­වාර්ය නැහැ | සිළුමිණ

මෙවර උසස් පෙළට 80% අනි­වාර්ය නැහැ

 මෙම වසරේ දෙසැම්බර් අ.පොස (උසස් පෙළ ) විභාගය සඳහා පෙනි සිටින සිසුන්ගේ 80 % පැමිණිම නොසලකා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. සාමාන්‍යයෙන් අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටිමට නියමිත පාසල් සිසුන් සඳහා අයදුම්පත් භාරගන්නා දිනය වන විට පාසල් පැවති දින ගණනින් 80% ක පැමිණිම අනිවාර්ය බව චක්‍රලේඛයක් මඟින් දැනුවත් කර තිබුණි. නමුත් පසුගිය කාල සිමාව තුළ රටේ පැවති කොරෝනා ව්‍යසනය, ප්‍රවාහන අපහසුතා, ඉන්ධන අර්බුදය හේතුවෙන් 2020 ජූලි මස උසස් පෙළ පංතිවලට ඇතුළත් වූ 2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකා නොබැලීමට මේ අනුව තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇත.

 

Comments