මේ වන විට පවතින ප්‍රවාහන ගැටලු හේතුවෙන් ලබන සතිය තුළදීත් පාසල් පැවැත්වෙන දින ගණන තුනකට සීමා කර ඇතත්, පවත්වන දින වෙනස් කර ඇත. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් සිළුමිණට සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා පසලොස්වක පොහොය යෙදෙන බැවින් එම සතිය තුළ පාසල් පැවැත්වෙන දින සඳුදා, අඟහරුවාදා හා බඳාදා යන දින තුනට සීමා කළ බවයි. නමුත් තම පළාතේ දින තුනක් පාසල් පවත්වන්නේද, නැතිනම් සතියේ සියලූම දිනවල පාසල් පවත්වන්නේද යන්න තීරණය කිරීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට ලබා දී ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.