දේව හාස්කමකින් වසර 56කට පසු ශ්‍රී දේවානන්ද ජයනද නංවයි | Page 8 | සිළුමිණ

දේව හාස්කමකින් වසර 56කට පසු ශ්‍රී දේවානන්ද ජයනද නංවයි

 

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැත්වෙන සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ වසර 56කට පසුව ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී දේවානන්ද විද්‍යාලය සමත් විය.

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය නිමා වූයේ ක්‍රීඩාංගණයේ පැවැති නොසන්සුන් වාතාවරණයක් හේතුවෙන් ධර්මාශෝක විද්‍යාලයීය විදුහල්පතිනි සනුජා ජයවික්‍රම විසින් ජයග්‍රහණය ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ප්‍රදානය කිරීම හේතුවෙනි.

ඒ වෙද්දී ජයග්‍රහණය සඳහා ලකුණු 97ක හඹා යන ඉනිමකට පිටියට පිවිස සිටි ශ්‍රී දේවානන්ද විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 85ක් ලබා සිටියේ ය. මෙරට මිශ්‍ර පාසල් අතර පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසින් සැලකෙන මෙම තරගය ආරම්භ වෙන්නේ 1963 වසරේ දී ය.

එතැන් සිට මේ දක්වා වසර 53ක පැවැති තරග අතර එතෙක් ශ්‍රී දේවානන්ද විද්‍යාලය ජයග්‍රහණ කරගෙන සිටියේ 1966 වසරේ දී එන්. යූ. අමරදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි. එතැන් සිට ගෙවී ගිය මහා ක්‍රිකට් තරග 49කදී ජයග්‍රහණ පිපාසාවෙන් පෙළුණ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට මෙවර ජයග්‍රහණය ලබා දීමේ දී නායකත්වයේ කිරුළ දැරුවේ ෂෙහාන් වික්‍රමසිංහ ය.

ධර්මාශෝක විද්‍යාලය මේ දක්වා ජයග්‍රහණ 12ක් වාර්තා කරගෙන සිටින අතර ඔවුන් අවසන් වරට ජයග්‍රහණය කරනු ලැබුවේ 2019 වසරේ දී දිනුක ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුතුව ය.

දක්ෂතම පිතිකරු - කංචන ද ලිවේරා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය) දක්ෂතම පන්දුයවන්නා - වනිත් ද සිල්වා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය) දක්ෂතම පන්දුරකින්නා - රන්දුල් සමරහේවා (ධර්මාශෝක විද්‍යාලය) තරගයේ වීරයා - කවීෂ කල්පන (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)

ධර්මාශෝක විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 43.1ක දී සියලුම දෙනා දැවී 204 (සෙනිත හැළඹගේ 42, හසිත රාජපක්ෂ 33, නවීන් රසාංග 55, මලිත මෙන්ඩිස් 22, වනිත් ද සිල්වා 4/56, හසිඳු ප්‍රබෝධ 4/50) සහ දෙවැනි ඉනිම පන්දුවාර 57.3ක දී සියලුම දෙනා දැවී 207 (සෙනිත හැළඹගේ 43, චානක ජනාංග 32, මනීෂ රශ්මික 48, මලිත මෙන්ඩිස් 30, කවීෂ කල්පන 3/27, වනිත් ද සිල්වා 3/69, මිතිල ප්‍රනාන්දු 2/09)

ශ්‍රී දේවානන්ද විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 47.5ක දී සියලුම දෙනා දැවී 314 (කංචන ද ලිවේරා 98, ලසිඳු ලක්ෂාන් 55, ඉරුෂ ආකාශ් 20, කවීෂ කල්පන 64, මලිත ප්‍රනාන්දු 23, මනීෂ රශ්මික 3/68, සෙනිත හැළඹගේ 2/74, මලිත මෙන්ඩිස් 3/37) සහ දෙවැනි ඉනිම පන්දුවාර 21.5ක දී කඩුලු 7ක් දැවී 85 (ඉරුෂ ආකාශ් 36, රනුෂ ද සිල්වා නොදැවී 19, මනීෂ රශ්මික 3/44, ඉෂාන් අනුරාධ 3/17)

 

උතුරු සටනේ ජය සාන්ත ජෝන් විද්‍යාලයට ‍

 

යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර 115 වැනි වරටත් පැවැති උතුර මහ සටනේ දී සාන්ත ජෝන් විද්‍යාලය ලකුණු 99ක ජයග්‍රහණයක් වාර්තා කළේ ය.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් පිට පිට දෙවැනි වරටත් උතුරු කුසලානය තමන් සන්තක කර ගත් අතර ඔවුන් මේ දක්වා තරග ඉතිහාසයේ තරග 38ක් ජයග්‍රහණය කර තිබේ.

දක්ෂතම පිතිකරු - කමලපලන් සබිසාන් (සාන්ත ජෝන් විද්‍යාලය) දක්ෂතම පන්දුයවන්නා - ජෙයචන්ද්‍රන් අශ්නාත් (සාන්ත ජෝන් විද්‍යාලය) දක්ෂතම පන්දුරකින්නා - ශ්‍රීතරන් සරන්කන් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය) තරගයේ වීරයා - කමලපලන් සබිසාන් (සාන්ත ජෝන් විද්‍යාලය)

සාන්ත ජෝන් විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 84.1ක දී සියලුම දෙනා දැවී 167 (ඇන්ඩර්සන් සචින් 20, කුගනේස්වරන් කගිසම් 41, ඇන්ටන් අභිෂේක් 40, ජයතීෂ්වරන් විතුශාන් 3/41) සහ දෙවැනි ඉනිම පන්දුවාර 67.0ක දී කඩුලු 7ක් දැවී 220 (නෙසකුමාර් ජෙසියල් 35, අන්තෝනිපිල්ලේ සුකෙතාන් 34, කමලපලන් සබිසාන් 105, ඇන්ටන් අභිෂේක් 22, රජිත්කුමාර් නෙව්ටන් 3/64, තිලිප්කුමාර් ගෞතම් 2/36, අනන්තන් කාජන් 2/37)

යාපනය මධ්‍ය මහා විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 45.0ක දී සියලුම දෙනා දැවී 125 (ශ්‍රීතරන් සරන්කන් 41, නිසාන්තන් අජෙයි නොදැවී 28, යෝගතස් විතුශාන් 6/48, ජෙයචන්ද්‍රන් අශ්නාත් 4/46) සහ දෙවැනි ඉනිම පන්දුවාර 62.3ක දී සියලුම දෙනා දැවී 163 (අනන්තන් කාජන් 53, ශ්‍රීතරන් සරන්කන් 33, මතීෂ්වරන් සන්සයන් 27, යෝගතස් විතුශාන් 2/57, කිරුපනාතන් කජකරන් 2/05, ජෙයචන්ද්‍රන් අශ්නාත් 6/70)

 

රන් සටන විසඳුමකින් තොරයි

 

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 16 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත් ජය පරාජයෙන් තොරව අවසන් විය.

දක්ෂතම පිතිකරු - සචිර වැලිවත්ත (මහානාම විද්‍යාලය)

දක්ෂතම පන්දුයවන්නා - දුවිඳු රණතුංග (මහානාම විද්‍යාලය)

දක්ෂතම පන්දුරකින්නා - හිරුෂ පියුමාල් (ඩී. එස්. සේනානායක

විද්‍යාලය) තරගයේ වීරයා - දෙවිඳු කැකිරිදෙනිය (මහානාම විද්‍යාලය)

මහානාම විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 60කදී කඩුලු 6ක් දැවී 282 (දෙවිඳු කැකිරිදෙණිය 35, සචිර වැලිවත්ත 89, අංජල බණ්ඩාර 42, ඉනුක කරන්නාගොඩ 45, ධනජ එදිරිසිංහ නොදැවී 53, අදීශ බණ්ඩාරනායක 2/57

ඩී. එස්. සේනානායක විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 57.0ක දී සියලුම දෙනා දැවී 173 (හිරුෂ පියුමාල් 76, සෙනුර සිල්වා 36, දුවිදු රණතුංග 3/44, දෙවිදු කැකිරිදෙණිය 4/76, ඉනුක කරන්නාගොඩ 2/15) සහ දෙවැනි ඉනිම

පන්දුවාර 48.0ක දී කඩුලු 6ක් දැවී 107 (මලිත පෙරේරා 44, ගවිරු සෙන්හස් 41, දෙවිඳු කැකිරිදෙණිය 3/31, ඉනුක කරන්නාගොඩ 2/25)

ආදරවන්තයන්ගේ සටනට වර්ෂාවෙන් බාධා

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 117 වැනි වරටත් පැවැති ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ අවසන් දිනයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය තරගයේ විසඳුමට බෙහෙවින් බලපෑවේය.

දක්ෂතම පිතිකරු - තරින්ද නිර්මාල් (රිච්මන්ඩ් විද්‍යාලය) දක්ෂතම පන්දුයවන්නා - නාලක ජයවර්ධන (රිච්මන්ඩ් විද්‍යාලය) දක්ෂතම පන්දුරකින්නා - හංසමාන ද සිල්වා (රිච්මන්ඩ් විද්‍යාලය) තරගයේ වීරයා - තරින්ද නිර්මාල් (රිච්මන්ඩ් විද්‍යාලය)

රිච්මන්ඩ් විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 60.4ක දී සියලුම දෙනා දැවී 174 (තරින්ද නිර්මාල් 67, භානුක මනෝහර 34, දිනුර කළුපහන 2/27, ශෙහාන් හසරංග 3/53, දනුජ ඉඳුවර 2/23) සහ දෙවැනි ඉනිම පන්දුවාර 37.3ක දී කඩුලු 7ක් දැවී 117 (භානුක මනෝහර 27, මහීෂ වෙත්මින් නොදැවී 30, හිරුණ මන්දිල 4/21)

මහින්ද විද්‍යාලය ; පළමු ඉනිම පන්දුවාර 51.1ක දී සියලුම දෙනා දැවී 128 (ප්‍රමේෂ් මධුභාෂණ 22, දිනුර කළුපහන 37, හිරුණ මන්දිල 39, නාලක ජයවර්ධන 4/19, ශැරෝන් අභිශේක් 3/38) සහ දෙවැනි ඉනිම පන්දුවාර 11.3ක දී කිසිවෙක් නොදැවී 12.

 

Comments