ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 26 දා ආරම්භ වී, එහි අවසාන තරගය මැයි 29 වන දින පැවැත්වෙන අතර, ඉන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙන් ම ආසියාව ම නැවතත් කාර්ය බහුල වනු ඇත. ඒ පසුගිය වසර තුන හතරක් තිස්සේ කල් දැමූ ආසියානු විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නැවතත් පැවැත්වීමට නියමිතව ඇති හෙයිනි. ඒ තරග කාලසටහන ද නිකුත් කර ඇති බැවිනි. මෙවර තරගාවලියේ සත්කාරකත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට ය.
2015/16 අවසන් වරට පැවැති ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එම්.එස්. දෝනිගේ නායකත්වයෙන් ඉන්දීය පිල ජයලැබීය. ඔක්තෝබර් මාසයේ ආරම්භ-වීමට නියමිත මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයට පෙර නැවතත් ඉන්දි-යාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පිටියේ සටනක් ක්‍රීඩා ලෝලීන්ට දැකබලා ගත හැකි ය.
2018 න් පසු ආසියානු කුසලාන පන්දු වාර 50 ක්‍රිකට් තරගාවලිය 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඒ වන විට පැවති කොවිඩ් වසංගතය නිසා 2021 වසර දක්වා කල් දමන ලදී. නමුත් පසුව 2021 වර්ෂයේදී පවා අයහපත් තත්ත්වය නිසා එය සංවිධානය කිරීමට නොහැකි විය. නමුත් දැන් තීරණය කර තිබෙන්නේ 2022 වසරේ ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමටයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලය ද ආසියානු කණ්ඩායම් අතර තරග සහතික කර තිබේ.
මෙම තරගාවලි අවසන් වරට පැවැති 2018 වසරේ දී ය. නමුත් ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා වෙත පැවරුණේ ඔහුගේ නිත්‍ය නායක විරාත් කෝලිට විවේකයක් ලබා දෙමින් ය. බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැති අවසන් තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු තුනකින් ජය ගැනීමට සමත් විය.
ආසියානු කුසලානය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 20 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. මීට අමතරව මෙම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග අගෝස්තු 20 වැනි දා සිට පැවැත්වෙන අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 27 වැනි දා සිට සැප්තැම්බර් 11 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ පන්දු වාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් ලෙස ය.
මෙම තීරණ ලබා ගැනුණේ පසුගිය දා කොළඹ දී පැවැත්වුණු ආසියානු ක්රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී ය. එහි දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂාගේ, ආසියා ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුර කාලය තවදුරටත් පවත්වා ගැනීමට මේ සභාවේදී ඒකමතිකව ස්ථීර විය. මෙකි වාර්ෂික මහ සභා රැස්වීමේ සිට 2024 වසරේ පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීම දක්වා වූ කාලසීමාවේදී ද ජේ ෂා ම කටයුතු කිරීමට නියමිතය.
මේ අතර 2000 වසරේ සිට ම ආසියානු ක්රිකට් කවුන්සිලයේ සම සාමාජිකයකු ලෙසින් සිටි කටාර් රාජ්‍යයට ද මේ වසරේ සිට ආසියානු ක්‍රිකට් කවුන්සිල පූර්ණ සාමාජිකත්වය ලබා දෙනු ලැබිණි.