ක්‍රීඩා පුවත් | සිළුමිණ

ක්‍රීඩා පුවත්

ආසියානු බොක්සිං අධ්‍යක්ෂ ඩයන්

ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් සිව් වසරක කාලයක් සඳහා ආසියානු ‍බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට තේරී පත්විය. ජෝර්දානයේ අම්මාන් නුවර දී එම සමුළුව පැවැත්විණි.

 

 

කාංචනට රත්නපුරයේ ක්‍රිකට් පුටුවත්

හිටපු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරී පත්විය. ඒ මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

 

ලසිත් මාලිංග රාජස්ථාන් රෝයල් කණ්ඩායමට

15 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණු කරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්

කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවා ඇත. මීට පෙර ඔහු වේගපන්දු උපදේශකයකු ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල හා කටයුතු කළේ ය.

 

රග්බි පාසල් දෙවන අදියරේ ශූරතාව නාවලපිටියට

ඩයලොග් පාසල් සංවර්ධන සත් සාමාජික රග්බි දෙවැනි අදියරේ ශූරතාව නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය දිනාගැනීමට සමත්විය.

මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවැනි අදියරේ අවසන් තරගයේ දී කුරුණෑගල ආරක්ෂක සේවා

විද්‍යාලය පරාජය කරමින් මෙම ජයග්‍රහණය ඔවුන් හිමිකරගත්තේ ය.

 

මහනුවර අයෝමය ශූරයා සමරසිංහ

මහනුවර දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික හා යෝග්‍යතා සංගමය 20 වැනි වරටත් සංවිධානය කළ ‘මිස්ටර් කැන්ඩි‘ අයෝමය පුරුෂයා තේරීමේ තරගයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ‘කොම්බර්ට් ෆිට්නස්‘ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී. ඩබ්ලිව්. ඒ.ආර්.

සමරසිංහ සමත් විය. ආධුනික අයෝමය පුරුෂයා තරග ඉසව්වේ ශූරතාව දිනාගත්තේ ආර්.එම්.එස්. රත්නාක ය.

 

කාන්තා දින රග්බි ජය සාන්ත මරියා බාලිකාවට

අන්තර් ජාතික කාන්තා දිනාය නිමිත්තෙන් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සංවිධානය කළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරතාව

දිනා ගැනීමට කොල්ලුපිටිය සාන්ත මරියා බාලිකා විදුහල් කණ්ඩායම සමත් විය. අනුශූරතාව දිනා ගත්තේ පිළියන්දල මැදි විදුහල් කණ්ඩායම සමත් වූ අතර තරගාවලිය සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිටියේ දී අවසන් විණි.

 

රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය 26 සිට

රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 හා 27 දෙදින කොටස් දෙකකින් මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට්

ක්‍රීඩාංගණයේ දී පවැත්වේ. විවෘත රාජ්‍ය සේවා සත් සමාජික කණ්ඩායම් තරගාවලිය හා ප්‍රවීණයන්ගේ රාජ්‍ය සේවා සත් සමාජික තරගාවලිය ලෙස කොටස් දෙකක් යටතේ තරග පැවැත්වේ.

 

අමෙරිකානු ඩොලර් ලක්ෂයේ කොන්ත්‍රාත්තු හතරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඉදිරි වසර සඳහා ගිවිසුම් ගත ක්‍රීඩකයන් 29 දෙනා අතරින් වැඩිම ඉහළම වැටුපක් ලබන ක්‍රීඩකයන්

සිවුදෙනා බවට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, උපනායක ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, සහ දුෂ්මන්ත චමීර තෝරාගෙන ඇත. ඔවුන් සිව්දෙනා ඒ- 1 කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර එම කාණ්ඩයට ඇතුළත් ක්‍රීඩකයන් සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂයක දීමනාවක් හිමි වෙයි.

 

Comments