එළිය කන්ද කඳු තරණය 2022 | සිළුමිණ

එළිය කන්ද කඳු තරණය 2022

නව වසරේ මෝටර් රථ ක්‍රීඩා වසන්තය ආරම්භ කරමින් මෝටර් රථ ජාතික තරගාවලියේ පළමු තරගය ලෙස අවසන් වූ සර්දන් එළිය කන්ඳ කඳු තරණයේ මෝටර් රථ ධාවන කාලය වාර්තා කරමින් එළිය කන්ද තරණය කළ දක්ෂතම රියදුරා ලෙස උෂාන් පෙරේරා එම අංශයේ ශූරතාව හිමි කර ගත් අතර සංගීත් සූරියගේ යතුරුපැදි ශූරතාව තමන් සතු කර ගත්තේ ය.

මෝටර් රථ තරග ඉසව් 15 කින් හා යතුරුපැදි තරග ඉසව් 13 කින් සමන්විත වූ 2022 සර්දන් එළිය කන්ඳ කඳුතරණය මෙවර සංවිධානය කෙරුණේ 26 වැනි වරට ය. 25 වසරක කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන සර්දන් මෝටර් රථ ක්‍රීඩා සමාජය සාර්ථක තරගාවලියක් නිමා කරමින් තම “රිදී ජුබිලිය“ සැමැරීමට ද මේ අනුව සමත් විය.

මෙවර තරගාවලිය නියෝජනය කරමින් යතුරුපැදි තරගකරුවන් 93 දෙනෙකු තරගාවලියට එක් වූ අතර මෝටර් රථ රියදුරන් 120 ක් ඊට එක්ව සිටිය හ.

උෂාන් පෙරේරා එස්.එල්./ජී.ටී. 3500 සී.සී. තරග ඉසව්වෙන් තත්පර 32.943 ක කාලයක් වාර්තා කරමින් දක්ෂතම රියදුරා ලෙස කුසලාන දිනා ගනිද්දී දෙවැන්නා ලෙස තරගය අවසන් කළ අභීත් දංගල්ල ය. ඔහු තරගය නිමකර තිබුණේ තත්පර 32.985 කිනි. උෂාන්ට වඩා අභීත් අතර කාල වෙනස තත්පර 0.42 කි. තෙවැන්නා ලෙස තරගය නිමා කළ ඩැරන් වීරසිංහ ය. ඔහු ඒ සඳහා තත්පර 34.02 ක කාලයක් වැය කර තිබුණි.

දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස කිරුළු දැරු සංගීත් සූරියගේ සුපර්මෝටෝ 450 සී.සී. තරග ඉසව්ව නිම කිරිමට තත්පර 33.689 ක කාලයක් වැය කර තිබූ අතර දෙවැන්නා වූ විනුල පතිරගේ තත්පර 39.758 ක කාලයක් ඒ වෙනුවෙන් ගතකර තිබූණේ ය. එම ඉසව්වේම තෙවැන්නා වු නිකිල පතිරගේ තත්පර 42.394 ක කාලයකින් සුපර්මෝටෝ තරග ඉසව්වේ තෙවැන්නා විය.

උෂාන් පෙරේරා වීවෘත ඩීසල් හා පෙට්‍රල් තරග ඉසව්වෙන්ද තරග කළ අතර ඔහු එම ඉසව්වේද ජය වාර්තා කිරීම විශේෂත්වයකි. ඒ සඳහා ඔහුට තත්පර 36.215 ක කලයක් ගත විය. සකීර් වාහාබ් 5500 සී.සී. ඩීසල් තරග ඉසව්වෙන් තත්පර 42.56 ක කාලයක් වාර්තා කරමින් ජය ගත්තේ ය.

දිනයේ වේගවත්ම දෙවැනි මෝටර් රථ තරග ඉසව්ව වූ එස්.එල්./එච් 1600 සී.සී. තරග ඉසව්වෙන් කේසර ගෙඩගේ ජයගත් අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 35.651 ක් විණි.

එස්.එල්. /එච් වන් මේක් සුභාරු ලෙගසී 2000 සී.සී. තරග ඉසව්වෙන් තත්පර 37.394 ක කාලයක් වාර්තා කරමින් අසංක බණ්ඩාර එම ඉසව්වෙන් ජයගත් අතර එස්.එල්./ ඊ. 100 සී.සී. වන් මේක් නිසාන් මාච් තරග ඉසව්වෙන් අඩුම කාලයක් වාර්තා කිරිමට සමත් වූයේ එස්.එකේ. කිසල් ය. ඔහු වැයකර තිබූ කාලය තත්පර 40.398 කි. එම කාණ්ඩයේ ම 1275 සී.සී. වන් මේක් මීනි තරග ඉසව්වෙන් සුනන්ද වීරසිංහ ජයගත්තේ ( තත්පර 39.844) කින් තරගය නිම කරමිනි.

එස්.එල්./ඊ තරග කණ්ඩයේම 1300 සී.සී. ෆොඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් ජයගත්තේ තනුක ලියනාරච්චි ( තත්පර 40.239) ය.

එස්.එල්./ඒ. මීන් 7 තරග ඉසව්වෙන් ඉම්රාන් ෆේරෝස් ජයගත් ( තත්පර 39.251)අතර එම තරග කාණ්ඩයේ ම 1050 සී.සී. තරග ඉසව්වෙන් චාමික රණතුංග ජයගත්තේ ( තත්පර 37.623) ය.

1665 සී.සී. ෆෝමියුලා මැක්ලරන්ස් තරග ඉසව්වෙන් (තත්පර 36.803) මීවන් පෙරේරා ජයගත් අතර 1300 සී.සී. ඊ.එෆ්.අයි. තරග ඉසව්වෙන් (තත්පර 38.156 චන්දිම ගුණරත්න ජය ගැනීමට සමත් විය.

එස්.එල්./එන්. ෆෝඩ් ලේසර් / මැස්ඩා 1300 සී.සී. තරග ඉසව්වෙන් හා 1500 සී.සී. තරග ඉසව් දෙකෙන් ම සුසන්ත ගුණවර්ධන ජයගත් අතර 1300 සී.සී. තරග ඉසව්ව වෙනුවෙන් තත්පර 40.472 ක කලයක් ද 1500 සී.සී. තරග ඉසව්ව වෙනුවෙන් තත්පර 40.34ක කාලයක් ද වැයකර තිබුණේ ය. එස්.එල්./එස් 1500 සී.සී. ෆෝඩ්ලේසර් / මැස්ඩා තරග ඉසව්වෙන් ජය වාර්තා කළේ සකීර් වහාබ් ය. ඔහු වැයකර තිබූ කාලය තත්පර 38.882 කි.

යතුරුපැදි තරග ඉසව්වලදී සංගීත් සුරියගේ දස්කම් අතර සිටිමින් කඳු තරණයේ විශිෂ්ටයෙකු බවට නැවතත් සනාථ කළ අතර මහේල් පවිත්‍ර ද සිල්වා, විනුල පතිරගේ, සුපුන් සුරාජ් හා සරත් කුමාරසිංහ ද්විත්ව යතුරුපැදි ජයග්‍රාහණ වාර්තා කළ හ.

250 සී.සී. නවිකරන නොකරන ලද ( තත්පර 39.131) හා 250 සී.සී. 2ටී./4ටී ( තත්පර 38.283) තරග ඉසව් දෙකෙන් ම එම්.ජී. සරත් කුමාරසිංහ ට ජය හිමිවිණි. මහේල පවිත්‍ර ද සිල්වා 125 4ටී. තරග ඉසව්වෙන් ( තත්පර 42.355)හා 250 සී.සී. ස්ටැන්ඩඩ් ( තත්පර 37.768) තරග ඉසව්වෙන් ද ජය වාර්තා කළේ ය.

ඒ.ඩී.එස්.ඒ. සුපුන් සුරාජ් 700 සී.සී. හා 600 සී.සී. සුපර් ස්පෝට් ටුවරින් තරග ඉසව් දෙකෙන් ම ජයගත් අතර වෙන් වෙන්ව තත්පර 35.735 හා 36.967 ක කාලයක් වාර්තා කිරිමට සමත් වූ හ.

160 සී.සී. නවිකරන නොකරන ලද යතුරුපැදි තරග ඉසව්වෙන් ( තත්පර 37.746) හා 250 සී.සී. 4 ටී. තරග ඉසව්වෙන් ද ( තත්පර 35. 942) විනුල පතිරගේ ජයගත් අතර 125 සී.සී. 2 ටී. තරග ඉසව්වෙන් ( තත්පර 36.885) ජය හිමි වූයේ හේෂාන් පසිඳුට යි.

සෙසු යතුරුපැදි තරග ඉසව්වලින් දුෂාන් මුදලිගේ, නිපුණ ඩිලංක හා බාසිත බාකීර් ජයගැනීමට සමත් වූ හ.

සත්වැනි වරටත් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ස්පීඩප් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා දී තිබූ අතර තරගාවලිය නම් කර තිබුණේ එස්.එල්.ටී. ස්පීඩප් එළිය කන්ද කඳු තරණය නමිනි.

 

Comments