මාතලේ නිදහස් සැමරුම් මැරතන් ජය උදාරට පාසල් අංශය තුදිහර්ශිදන් ජය ගනී | Page 2 | සිළුමිණ

මාතලේ නිදහස් සැමරුම් මැරතන් ජය උදාරට පාසල් අංශය තුදිහර්ශිදන් ජය ගනී

විවෘත ශුරයෝ ( වමේ සිට ) ලසන්ත - දෙවැනි , උදාර - ප්‍රථම සහ අසංක - තෙවැනි.

මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන නිදහස් සමරු මාර්ග ධාවන තරගය මෙවර ද මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. මාතලේ දිසාවේ තරගකරුවන්ට සීමා වූ මෙම තරගයේ දී විවෘත අංශයේ ශුරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ උදාර චානක සහ පාසල් ශුරයා ලෙස මාතලේ හින්දු ජාතික පාසලේ එස්.තුදිහර්ශිදන් සම්මාන ලැබූ හ.

මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමයේ සභාපති , මාතලේ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ජයසංකේත ප්‍රදානය සිදුවිය. මෙම අවස්ථාවට එම සංගමයේ ලේකම් රංජිත් අලුවිහාරේ මහතා ද එක් විය. පිරිමි විවෘත හා පාසල් බාලක ලෙස අදියර දෙකක් යටතේ පැවති මෙම තරගයේ ප්‍රතිඵල මෙසේ යි.

( විවෘත තරගය )

1. උදාර චානක - ශ්‍රී ලංකා යුද හමුදාව. 2.ලසන්ත බණ්ඩාර - වේරගම යංහාර්ට් ක්‍රී.ස. 3. අසංක බණ්ඩාර - වේරගම යංහාර්ට් ක්‍රී.ස.

( පාසල් තරගය ) 1. එස්.තුදිහර්ශිදන් - මාතලේ හින්දු ජාතික පාසල. 2. වී.සංගීර්ත්තන් - මාතලේ හින්දු ජාතික පාසල.3. හංසමාල් ගුණරත්න - වේරගම සිරි සීවලි මහ විදුහල.

චන්ද්‍ර ශ්‍රී අසෝක බණ්ඩාර හිදගොඩ - මාතලේ දිසා විශේෂ වාර්තාකරු

Comments