
ලෝකයේ විවිධ රටවල ක්‍රිකට් ක්‍රීඩාවෙන් පෙරට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ බොහෝ වෙති. කලකට පෙර නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කළ ෆ්ලේවිං අපෝන්සු වැනි ක්‍රීඩකයෝ මෙහි දී නිරන්තරයෙන් සිහියට එයි. පසුකාලීනව ශ්‍රී ලංකා සම්භවයක් සහිත ක්‍රීඩකයෝ රැසක් ද විවිධ රටවල ජාතික කණ්ඩායම් තුළින් මතුව ආයේ ය. මෙම ලිපිය මඟින් එවැනි ක්‍රීඩකයන් කීපදෙනකු සම්බන්ධයෙන් ආවර්ජනය කරනු ලබයි.
ඩේව් වට්මෝර්
ඩේව් වට්මෝටර් යනු ශ්‍රී ලාංකික අපේ සිත්වලින් මැකී නොයන චරිතයකි. 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනු ලැබූයේ ඔහු විසින් ය. 1954 මාර්තු 16 වැනි දා ශ්‍රී ලංකාවේ කොළඹ දී උපත ලැබූ වට්මෝර් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි. ඔහුගේ මාපියන් සමඟ 1962 වසර තෙක් ලංකාවේ රැඳී සිටි වට්මෝර් ඔස්ට්‍රේලියාවට පිටත්ව යන්නේ එහි ස්ථිර පදිංචිය ද ලබා ගෙන ය. ඒ වන විට වට්මෝර් වයස අවුරුදු අටක පමණ කුඩා දරුවෙක් විය. 1956 වසරේ ලංකාණ්ඩුව විසින් ඉදිරිපත් කළ සිංහල භාෂා පනත ඔවුන් ලංකාව අත්හරින්-
නට හේතුවක් වී තිබිණි. එරටට සංක්‍රමණය වූ වට්මෝර් සිය මව්පියන් සමඟ ජීවත් වුණේ මෙල්බර්න් නුවර ආසන්නයේ පිහිටි මෙන්ටෝන් නම් කුඩා ග්‍රාමයේ ය. ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් ජීවිතයෙහි කැපී පෙනෙන දස්කම් අතරට නොපැමිණෙන ඔහු පසුකාලී-
නව පුහුණුකරුවෙක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු
කළේ ය. ශ්‍රී ලංකාව, පාකිස්තානය, සිංගප්පූරුව, සිම්බාබ්වේ, නේපාලය
සහ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්-ඩායම්හි පුහුණුකරු ලෙස කටයුතු කළ හෙතෙම 2010-2011 අතර කාලයෙහි ඉන්දීය ප්‍රිමියර් තරගවලියන්හි කොල්-කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ය.
දිමිත්‍රි මස්කරෙන්හස්
කලක් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කළ
දිමිත්‍රි මස්කරෙන්හස්ගේ මාපියන් ශ්‍රී ලංකාවේ භාරත නම් ජන කොට්ඨා-සයට අයත් යුවළකි. භාරත ජන වර්ගය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ වෙළෙඳ කටයුතු සඳහා දකුණු ඉන්දියාවේ සිට බව ඉතිහාසයේ කියැවෙයි. දිමිත්‍රිගේ මාපියන් ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන අතර එහිදී ඔවුන්ට දාව දිමිත්‍රි උපත ලබයි. ඔස්ට්‍රේලියාවේ පර්ත්හි දිමිත්‍රිගේ ළමා කාලය ගත වන අතර 1996 වසරේ දී ඔහු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ බලාපොරොත්තුවෙන් එංගලන්තයට සංක්‍රමණය විය.
මයිකල් බෙවන්
මයිකල් බෙවන් යනු 1994 - 2004 අතර කාලය පුරා ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රිකට් තරුවකි. එක්දින තරග ඉතිහාසයේ හොඳ තරග අවසන් කරන්නා යන නම් ලත් මයිකල් බෙවන් ද ශ්‍රී ලංකා සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ලෙස පිළිගැනේ. ඒ බව ඔහු විසින් අවස්ථා කිහිපයක දී ම ප්‍රකාශ කර ඇත.
ඇස්ටන් අගාර්
2013 වසරේ සිට ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇස්ටන් අගාර්ගේ මව ශ්‍රී ලාංකික කාන්තාවකි. ඔහුගේ පියා ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර සෝනියා හේවාවිස්ස නම් ඔහුගේ මව ශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ තැනැත්තියකි. ඇය ශ්‍රී ලාංකික බෞද්ධ කාන්තාවක් වූ අතර, ඇස්ටන් අගාර්ද බෞද්ධ දර්ශනයට අනුව කටයුතු කළ අයෙක් ලෙස සැලකෙයි. සෝනියා හේවාවිස්සගේ පියා නැතහොත් ඇස්ටන් අගාර්ගේ සීයා ද මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
රුවිඳු ගුණසේකර
කලක් කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රුවිඳු ගුණසේකර ශ්‍රී ලංකාවේ උපත ලැබූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් සහ
ශාන්ත පීතර විද්‍යාලයෙන් හෙතෙම මූලික අධ්‍යාපනය ලබා ඇති අතර, 2005 වසරේ දී ඔහු කැනඩාවට සංක්‍රමණය වී ඇත්තේ එහි සිට අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ අපේ-ක්ෂාවෙන් ය. එහි අධ්‍යාපනය ලබන අතරතුර 2008 වසරේ ඔහුට කැනේඩියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව උදා විය.
මංජුල ගුරුගේ
මංජුල ගුරුගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ජාතික ක්‍රිකට් කණ්-ඩායම නියෝජනය කළ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකි. ඔහු 2014 වසරේ දී ස්කොට්ලන්තයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් සිය පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන ලදි. ඔහු ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ ප්‍රෙද්ශයේ උපත ලැබූවෙක් වන අතර, 2000 වසරේ දී සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සමාජ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශ විය.
ඇන්ඩ්‍රි බෙරෙන්ජර්
2014 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාතික ක්‍රිකට් කණ්ඩායමට නම් කරන ලද ඇන්ඩ්‍රි බෙරෙන්ජර් ද ශ්‍රී ලංකාවේ ඉපිද කලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඔහු සිප් සතර හදාරා ඇත්තේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙනි.
කලක් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජ-නය කළ ආරම්භක පිතිකරුවකු වන රාජේන්ද්‍ර චන්ද්‍රික ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි. ඊට අමතරව රෝයි සිල්වා ද කලක් අමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකි. අද වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙහි කලක් ක්‍රීඩා කළ ෂෙහාන් ජයසූරිය, අමිල අපෝන්සු ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම අමෙරිකානු ක්‍රිකට් සමඟ සම්බන්ධ වී සිටියි.