
මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තරය ජය ගැනීම තවමත් අභියෝගයකි. යම් යම් සාධනීය අවස්ථාවන් මතුව ආවද එය තවමත් පහසුවෙන් අත්පත් කරගත නොහැකි ඉලක්කයක් වැනි ය. පසුගිය කාලයේ විවිධ වොලිබෝල් සභාපතිවරුන් සමඟ වොලිබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තරය ජය ගැනීමේ උත්සහයේ නියැළුණේය. එහි සාර්ථකත්වය එතරම් විශිෂ්ට නොවුණේය. කෙසේ නමුත් යළි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිත්වයට පත්ව ඇත්තේ නව නිලධාරියෙකි. ඔහු නමින් කාංචන ජයරත්නය. මේ ක්‍රීඩා ඔහු හා පැවැත්වූ සාකච්ඡාවකි.
සභාපතිතුමා 2022 වසරේ සිටවත් අපේ රටේ වොලිබෝලය අන්තර් ජාතික තලයට ඔසවා තැබිය හැකි ද?
2022 වසර කියන්නේ ම අභියෝ-ගයන් මතින්ම යන ගමනක එක් සං-ධිස්ථානයක්. ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ නැතිනම් අප පවුලේ සියලු සාමාජිකයන්ට කාර්ය බහුලම වසරක්. කාර්යබහුලම කාලසටහනක් ක්‍රියාත්ම කිරීමට තිබෙන වසරක් තමයි මේ වර්ෂය. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලිය ආරම්භ කිරීමට අවශ්යවැඩ කටයුතු මේ වන විට පෙළ-ගස්වා තිබෙනවා. ඊට අමතරව දේශීය තරගාවලි දෙකක් ද පැවැත් වීමට කට-යුතු සංවිධානය කර තිබෙනවා. ඒ වගේ-ම මේ වසර තුළ අන්තර්ජාතික තරග තුනක් ශ්‍රී ලංකාව තුළ පැවැත් වීමට
සියලු කටයුතු සංවිධානය කර තිබෙ-නවා. විදේශයන්හි පැවැත්වෙන අන්තර්-ජාතික තරගාවලි දෙකක් වෙනුවෙන් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළගැස්විය යුතුව තිබෙනවා. කොවිඩ් වංසගතය හමුවේ සමස්ත ක්‍රීඩාව ම පසුබැස තිබුණු මොහොතක වොලිබෝල් ක්‍රීඩාවටද ගමන් මඟක් තිබුණේ නෑ. නමුත් අපි හැම විටම සැලැසුම් සකස් කරමින් වොලිබෝල් ක්‍රීඩාවේ ඉදිරි වැඩකටයතු පෙළ ගැස්වීම් කළා. ඒ නිසා මේ වසරේ දී වොලිබෝලයට කාර්ය බහුලයි.
ඒ වගේම අපි මධ්‍යම ආසියානු කුසලානය දිනා ගත්තා. ඒ ජයග්‍රාහී කණ්ඩායම ඇගැයීමට ලක් කරමින් ඉදිරි වැඩකටයුතු ගොඩනැඟීමේ කාර්යට ද වොලිබෝල් සම්මේලනය ලෙස කටයුතු කරමින් සිටිනවා. ඒ වගේමයි ඊට පස්සේ අපි කොහොමද ආසියානු වොලිබෝලය තුළ ඉඩක් වෙන් කරගන්නේ කියන කාරණය ගැනත් අපි කල්පනා කරනවා.
කොහොමද මේ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් ලැබෙන සහයෝගය?
විශිෂ්ටයි. විශේෂයෙන් සඳහන් කළ යුතුයි ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා අප වෙත විශාල සහයක් ලබා දෙන බව. හැම මොහොතේම උපදෙස් ලබා දෙමින් දිරි ගන්වමින් අපටග් ඉදිරි වැඩකටයුතු-වලට උපකාර කරනවා. මධ්‍යම ආසියානු කුසලානය ජයග්‍රහණය කළ මෙහොතේ පවා අප පිටුපසින් සිටි යෝධ ශක්තිය තමයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමැති වරයා.
අන්තර්ජාතික බීච් වොලිබෝල් තරගාවලියකට සම්මේලනය ක්‍රියා කරමින් සිටිනවා නේද?
ඹව්. අන්තර් ජාතික බීචි වොලිබෝල් තරගාවලි දෙකක් මේ වසරේ දී පැවැත් වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කරමිනුයි සිටින්නේ. ඒ පිළිබඳව ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කරනවා. දකුණේ මෙන්ම නැගෙනහිර කේන්ද්‍ර කෙට ගෙන මෙම අන්තර් ජාතික බීචි වොලිබෝල් තරගාවලි සංවිධානය වනු ඇති.
කොයි කාලේද ඔය තරගාවලි පවත්වන්න සැලසුම් කරලා තිබෙන්නේ?
ආසියානු තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලිය තරගාවලියට පසුව තමයි මෙම තරගාවලි දෙක පැවැත් විමට කටයුතු සම්පාදනය කරමින් සිටින්නේ. මෙම තරගාවලි දෙක තුළින් අපේ ක්‍රීඩකයන්ට අන්තර් ජාතික අත්දැකීම් ලබාගැනීමට හොඳ අවස්ථාවක් හිමිවනවා. ඒ වගේම ලෝකයේ වොලිබෝල් ක්‍රිඩාවේ ප්රගමනය ගැන මනා අවබෝධයක්ද ලබා ගැනීමට හැකියි.
ඔබ දැන් ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කෙනෙක්. ඒ ගැනත් කතාකරමු?
ඇත්තෙන්ම ඔව්. ඒ සඳහා මට පසුගිය දා අවස්ථාව උදාවුණා. ඒ අවස්ථාව ඉතා හොඳ අවස්ථාවක්. මම පෞද්ගලිකව වොලිබෝලයට විශාල ඇල්මක් දක්වන නිසා මේ අවස්ථාව එක්ක මට එය වැඩිදියුණු කරන්න හැකියාව උදාවෙනවා. ඹලිම්පික් කමි-ටුව හරහා ද ජාත්‍යන්තර මට්ටමේ උපදෙස් මත ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවට ඉතා කාර්යක්ෂම වැඩපිළිවළක් හරහා නව මාවතකට යොමු කරවන්න මට හැකිවේවි. ඒ නිසා මාගේ නිල කාලය තුළ දේශීය වොලිබෝල් ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමින් ඹසවා තැබීමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා.
වත්මන් වොලිබෝල් සම්මේලනයේ සියලු ම සමාජිකයන් ඒ වෙනුවෙන් කැපව පූර්ණ කාලීනව කටයුතු කරමින් සිටිනවා. ඇත්තෙන් ම ඹවුන්ට ද මගේ කෘතවේදීත්වය පිරිනැමිය යුතුයි. ඒ වගේම මාධ්‍ය හැමදාම අප සමඟ සිටියා. ඒවගේ ම මේ වසරේදීත් ජනමාධ්‍ය සැම අතින් ම අපට සහයෝගය දෙන බවට මට විශ්වාසයි.