
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ ක්‍රිස් කෙයාන්ස් ගේ බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්වයක් වර්ධනය වී ඇතැයි සොයා ගෙන තිබේ. මාස කීපයකට පෙර ඔහු ආඝාත තත්ත්වයක් හේතුවෙන් අංශභාග රෝගයට ලක් වූ අතර එලෙස එක්තැන්ව සිටිය දී මෙම මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකා තත්ත්වයට මුහුණ පා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.
පනස් එක්වැනි වියේ පසුවන ක්‍රිස් කෙයාන්ස් ආවේගශීලි හා ක්‍රීඩාවේ උද්වේගය රඳවා ගනිමින් ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයකු සේ සැලකෙයි. සාමාන්‍යයෙන් නවසීලන්ත ක්‍රීඩකයන් සතු සන්සුන් බවට ප්‍රතිවිරෝධී හැසිරීමක් ප්‍රකට කරමින් ක්‍රීඩා පිටියේ තරමක් කලහකාරී ස්වරූපයක් පෙන්නුම් කළ ක්‍රීඩකයකු වශයෙන් ඔහු ලෝක ක්‍රිකට් පිටියේ අමතක නොවන චරි-තයකි.
පසුගිය වසරේ අගෝ-ස්තු මාසයේ හදවත් සැත්කමකට බඳුන් වූ ඔහු ඒ හා සමගාමී ව ආඝාත තත්ත්වයට ලක්-වුණේ ය.
‘මේ ආරංචිය මට ලොකු කම්පනයක්. මම කිසිසේත් ම මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කළේ නෑ.‘ ඔහු ඉන්ස්ටර්ග්‍රෑම් අඩවියට සටහනක් යොමු කරමින් පවසා තිබිණි. එයින් කියැවෙනුයේ ප්‍රතාපවත් ක්‍රීඩකයකු වශයෙන් වුව ඔහු පත් ව ඇති මානසික කම්පනයේ ස්වභාවය ය.
ඔහුගේ යුගයේ ලොව විශිෂ්ටම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉදිරි-යෙන් සිටි කෙයාන්ස් ටෙස්ට් තරග 62 ක් වෙනුවෙන් නවසීලන්තය නියෝජනය කර තිබේ. තම රට වෙනුවෙන් ඔහු තරග වැද ඇති එක්දින තරග සංඛ්‍යාව 215 කි. විස්සයි විස්ස තරග දෙකකි. ඔහු ක්‍රීඩා කරන සමයේ විස්සයි විස්ස තරග වෙනුවෙන් වැඩි වශයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූයේ නම් ඔහුගේ වාර්තා මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබූ බව පැවසිය යුතු ය.
‘මම වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා කරනවා. කොහොම වුණත් මම මේ ඉන්න තැනට පැමිණීමට මට හිමිව තිබුණු වාසනාව ගැන මට තියෙන්නේ සතුටක්. රෝගී වුණත් මම පුද්ගලයෙක් වශයෙන් ජීවිතයේ බොහෝ දුර ආවා. බොහෝ දේ දිනා ගත්තා.’ යැයි කෙයාන්ස් පවසා ඇත.
තමන් සිතන ආකාරයට තවත් සටනකට ඉදිරියේ දී මුහුණ දීමට බව ඔහු පවසන්නේ ය. ‘ඒක තවත් සටනක් තමයි. නමුත් මම හිතන්නේ පළමු සටනින්ම මට මේක පරාජය කරන්න හැකිවේවි. වෛද්‍යවරුන්ට මගේ බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්වය කැපුම් කීපයක් සිදු කරලා සුව අතට හරවන්න හැකි වේවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා. දැනගත් සැණින් මම මෙතැන ඉන්න එක ගැන යම් සැනසිල්ලක් ඇත්තේ ඒ නිසයි.‘ කෙයාන්ස් පවසන්නේ ය.
ඔහු සිඩ්නි හි දී හදවත් ශල්‍යකර්මයට මුහුණ දී තිබූ අතර ඒ සමඟ ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් දෙපා අප්‍රාණික වී තිබිණි. ඒ හේතුවෙන් ඔහුට සිය කටයුතු අතිශය දුෂ්කර කර තිබූ අතර පසුගිය කාල වකවානුවේ යම් නිහඬතාවයක සිටිය ද ඔහු තවත් භයානක රෝගයකින් පීඩා විඳින බව හෙළි වීම ඔහුගේ රසිකයන්ට දැඩි කනගාටුවක් ගෙන දී ඇත. නවසීලන්ත කණ්ඩායමේ හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු හා නායකයකු වන මාටින් ක්‍රෝ ද පසුගිය කාලයේ පිළිකා තත්ත්වයකින් පීඩා විඳ මරණයට පත් වි ණි.