ක්‍රීඩා පුවත් | Page 2 | සිළුමිණ

ක්‍රීඩා පුවත්

ලීග් රග්බි ප්‍රසාද ලකුණු සටහනේ මහනුවර කණ්ඩායම පෙරමුණේ

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ගෙවී යද්දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අපරාජිත මහනුවර පිලට හැකියාව ලැබී තිබේ. හැව්ලෝස් පිලට දෙවන තැන හිමි ව ඇත.

නිදහස් කුසලාන ක්‍රීඩකයන්ට කුඩම්මාගේ සැලකිලි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන නිදහස් කුසලාන පාපන්දු ලීගයේ තරග වදින කණ්ඩායම්වල ක්‍රීඩකයන් හට සපයා ඇති පහසුකම් ඉතාම අවම මට්ටමක පවතින බවට වාර්තා වෙයි. දිවයිනේ පළාත් අනුව පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 8 ක් තරගාවලියට එක්ව සිටින අතර, ඔහුන්ට ප්‍රමාණවත් අහාර වේලක්වත් තරග සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් නොලැබෙන බවට චෝදනා එල්ලවී ඇත.

විවෘත වෙඩික්කරු කුසලානය ගජබාට

දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල ස්නයිපර්වරුන් ගේ නිවහන විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරගාවලියේ විවෘත කාණ්ඩයේ ශූරතාව ගජබා රෙජීමේන්තු වෙඩික්කරුවන් විසින් දිනා ගැනීමට සමත් විණි. එහි අනුශූරතාව ගැමුණු හේවා බලකා කණ්ඩායමේ වෙඩික්කරුවන් විසින් දිනා ගත්තේය. සේවා රෙජිමේන්තු කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදා සේවා බළකායටත් ආධුනික කාණ්ඩයේ ශූරතාව ගැමුණු හේවා බළකායටත් හිමි විණි.

 

 

ඕෂධී කුරුප්පු සමු ගනී

ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර් ජාතික මට්ටමේ කීර්තියක් ගෙන දුන් බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන ඕෂධී කුරුප්පු පසුගිය දා අභාවප්‍රාප්ත වූවා ය. දෙවසරකට ආසන්න කාලයක් සිට ලියුකේමියාව රෝගයෙන් පෙළුණු ඈ මිය යන විට 27 වැනි වියේ පසුවිය. කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි.

 

රෝද සපත්තු දස්කම් සිනර්ජි ක්‍රීඩා සමාජයෙන්

 

ජාතික රෝද සපත්තු ශූරතාවයේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සිනර්ජි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ හ. ඒ අනුව තරගාවලියේ ශූරතා 5ක් සමඟින් රක් පදක්කම් 59 ක් රිදී පදක්කම් 61 ක් හා ලෝකඩ පදක්කම් 40 ක් දිනා ගැනීමට එම ක්‍රීඩා සමාජය සමත් විය.

 

ආසියානු වෙරළ වොලිබෝලේ මීගමුවට

 

රටවල් 12ක සහභාගීත්වය ඇතිව 1, 19 හා 20 යන තෙදින මීගමුව වෙරළේදී පැවැත්වීමට නියමිත ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ සත්කාරකත්වයට රුපියල් කෝටියක මුදලක් වැය වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

තරගාවලිය ඉලක්ක කරමින් මේ වන විට ජාතික වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිත පින්ලන්ත ජාතික වෙරළ වොලිබෝල් පුහුණුකරු ෂෙලෙන් රම්ඩෝ මහතා යටතේ මීගමුව වෙරළ තීරයේ දී පුහුණුවීම් ආරම්භ කර තිබේ.

 

47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල වෙනස්කම් රැසක් සමඟින්

ජාතික මහා ක්‍රීඩා උළෙල මේ වසරේ දී වෙනස්කම් රැසක් සමඟින් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් තර තිබේ. 45 වැනි හා 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල කොවිඩ් වසංගත තත්ත්වයන් හමුවේ අත්හැර දැමිණි.

 

මධ්‍යම පළාත් විවෘත පාපැදි තරගයේ ජය සුමිත්ට

මාතලේ ක්‍රීඩා සමාජය සංවිධානය කළ මධ්‍යම පළාත් විවෘත පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය දිනගැනීමට මහනුවර ‘බයික් බී.‘ සමාජයේ සුමිත් නාලින්ද සමත් විය. එම තරගයේ ම මාතලේ දිසා තරග අදියරේ ප්‍රථමස්ථානය මාතලේ එන්. පී. චන්දන කුමාරට හිමි විණි. කිලෝ මීටර් 100ට වැඩි දුරක් පැවැති මෙම තරගය මාතලේ සිට දඹුල්ල දක්වා ගොස් ගලේවෙල හරහා නැවත මාතලේ දක්වා පැමිණ අවසන් විය.

ගීෂා මුණසිංහ

Comments