TIBHAR මේස පන්දු ශූරතා ගිනිගේට හා බිමන්දිට | සිළුමිණ

TIBHAR මේස පන්දු ශූරතා ගිනිගේට හා බිමන්දිට

ශුරතාව හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිටපු ජාතික මේස පන්දු ශුරී නාමල් ගුණසේකර හා ඩබ්ලිව්. බුදසිරි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සමග සමූහ ජායාරූපයකට පෙනී සිටි අයුරු.

දීපව්‍යාප්ත TIBHAR විවෘත මේස පන්දු තරගාවලියේ සමස්ත ශුරතාව (පිරිමි) මොරටුව විශ්ව විද්‍යාලයේ චමීර ගිනිගේ හා සමස්ත කාන්තා ශුරතාව නුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර විසින් හිමි කරගනු ලැබිණි. නැඟී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පිළිවෙළින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ අගස්තිය ආනන්දිත හා කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේ අනුදි ආරියරත්න කුසලාන ලබා ගත්තේ ය.

වයස් කාණ්ඩ 5ක් යටතේ මෙම තරගාවලිය පැවතුණේ බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය.

තරත ප්‍රතිඵල

ශූරතා -බාලක - අවුරුදු 11න් පහළ අගස්තිය ආනන්දිත් - නුවර විද්‍යාර්ථ විද්‍යාලය, 13න් පහළ දෙව්මෙත් වීරසේන - ලයිසියම් ජාත්‍යන්තර පාසල, 15න් පහළ දෙව්මෙත් වීරසේන, 17 න් පහළ සෙනුර සිල්වා - ආනන්ද විද්‍යාලය, 1 9න් පහළ සෙනුර සිල්වා

ශූරතාව - බාලිකා - අවුරුදු 11න් පහළ අනුදි ආරියරත්න - ශාන්ත ජෝශප් කෑගල්ල, 13න් පහළ තමාදි කාවින්ද්‍යා -දේවානන්ද විද්‍යාලය අම්බලන්ගොඩ, 15න් පහළ චමීෂා තුෂාදි - කෑගල්ල බාලිකා විද්‍යාලය, 17න් පහළ බිමන්දි බණ්ඩාර මහනුවර හිල්වුඩ්, 19 න් පහළ බිමන්දි බණ්ඩාර

අනු ශුරතාව - බාලක - අවුරුදු 11න් පහළ නවිරු නෙත්සිත - ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ, 13න් පහළ හරීන් නිම්දිනු - ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ, 15න් පහළ තිෂුම් ගමගේ ආනන්ද විද්‍යාලය - කොළඹ, 17 න් පහළ විනුක ගුණවර්ධන - රාජකීය විද්‍යාලය - කොළඹ, චනුල් දුල්සේන - අම්බලන්ගොඩ ධර්මශෝක

බාලිකා - අනුශුරතාව - අවුරුදු 11න් පහළ යොෂිනි ජයවර්ධන (ශාන්ත අන්තෝනි මහනුවර), 13න් පහළ සන්ඩින්ති ජයසිංහ - මියුසියස් විදුහල, 15 න් පහළ ඔනෙලි ලෙහන්සා - මියුසියස් විදුහල, 17 න් පහළ නදිති රෙහන්සා - ප්‍රජාපතී බා.වි., 19න් පහළ මනේෂා ෂාලින්දි - ධර්මාශෝක විද්‍යාලය -අම්බලන්ගොඩ

විවෘත තරග (කේවල) පිරිමි ශුරතාව- චමීර ගිනිගේ - ජ’පුර විශ්ව විද්‍යාලය, අනුශුරතාව ක්‍රිෂාන් වික්‍රමරත්න -විද්‍යාර්ත ආදි ශිෂ්‍ය, කාන්තා (කේවල) බිමන්දි බණ්ඩාර - හිල්වුඩ් විද්‍යාලය - නුවර, අනුශුරතාව මුතුමාලි ප්‍රියදර්ශනී - ශ්‍රී ල.නාවික හමුදාව, පිරිමි (යුගල) ශුරතාව චමීර ගිනිගේ /සෙනුර සිල්වා, අනුශුරතාව නිමේෂ් රංචාගොඩ/ තිසාස් රංචාගොඩ, මිශ්‍ර යුගල ශුරතාව හංසනී පියුමාලි/නිමේෂ් රංචගොඩ, අනුශුරතාව ඉෂාරා මධුරංගි / චමීර ගිනිගේ මෙම තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව ලබාගත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල්, කුසලාන, ත්‍යාග සහ සම්මාන පිරිනැමීම සිදු කෙරිණි.

Comments