
ශ්‍රී ලංකා ඔටෝස්පෝට් ඩයිවර්ස් ඇසෝසියසන් ( Sri Lanka Autosport Drivers association – SLADA ) සංවිධානය කරන ස්ලඩා ශූරතා තරගාවලියේ පළමු තරගය ලෙස “අයිස් බ්‍රේකර් 2022“ තරගාවලිය එළෙඹ්න අද ( 6) අනුරාධපුර සාලිය පුර ගජබා ධානව පථයේ දී පවැත් වේ. තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 10 ක් ඇතුළත්ව ඇති අතර යතුරුපැදි තරග ඉසව් 10 ක් ද ඊට ඇ.තුළත්ය.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ඔටෝස්පෝට් ඩ්‍රයිවර්ස් ඇසෝසියසන් හී වත්මන් සභාපති ප්‍රවීණ ධාවන ශූර රිස්වී ෆාරුක් මහතා සඳහාන් කළේ,
වසර තුනකට ආසන් කාලයක් තම මෝටර් රථ හා ධාවන පථ වල් වැදෙමින් තිබූ බවයි. ඒ අඳුරු වසංගත තත්ත්වය හා සටන් කරමින් මෙවැනි උද්වේගකර තරග අත්දැකීමක් ලබාගැනීමට “ අයිස් බ්‍රේකර් 2022“ තරගාවලිය මගින් අවස්ථාව උදාවී තිබීම සතුටට කරුණක් බවයි. මෙම තරගාවලිය සඳහා තරගකරුවන් 90 ක් පමණ ඇයැදුම් පත් යොමු කර ඇත බවද, ඊට ඉදිරිපත්වීමට අපේක්ෂා කරනු ලබන යතුරු පැදි ධාවකයන් සංඛ්‍යාව අසූවක් බවත් මෙහිදී අනාවරණය විණි.
2022 ස්ලඩාර් ශූරතා තරගාවලියේ සෙසු තරග ලෙස මැයි. 14 වැනි දා සීගිරිය රැලික්‍රොස් තරගාවලියත්, ජූලි 24 වැනිදා ගනර් තරගාවලියත්, අගෝස්තු 21 වැනිදා ගජබා තගරවලියත් සැප්තැම්බර් 25 වැනි දා රෝතැන් හැම් තරගාවලියත් පැවැත් විමට කටයුතු සම්පාදනය කර ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් මහතා පවසා සිටියේ යුද්ධ හමුදාපති, මාණ්ඩලික ප්‍රධානී ජේනරාල් ශෙවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත මේ වසර තුළ යුද්ධ හමුදා ධාවන පථයේ සංවිධානය කරන සියලු මෝටර් රථ ධාවන තරග වෙනුවෙන් අවශ්‍ය පහසුකම් මේ වනවිටත් සකස් කර ඇති බවය