
රන් හතයි - රිදී පහයි
පසුගියදා ශ්‍රී ලංකා කික් බොක්සිං කණ්ඩායමක් පාකිස්තානයේ තරගාවලියකට සහභාගි වී විශිෂ්ට දක්ෂතා දක්වමින් ජයග්‍රහණ රාශියක් රැගෙන ආවේ ය. එහෙත් ඒ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රචාරණය ප්‍රමාණවත් නැතැයි යන සංවාදය ද මතුව ආයේය. මේ එම තරගාවලිය ගැන සංක්ෂිප්ත සටහනකි.‘
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ දී පැවති දෙවැනි කික් බොක්සිං තරගාවලියේ දී ඉහළ දස්කම් දක්වමින් එහි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ හ. සමස්ත තරගාවලිය පුරාවට විශිෂ්ට දස්කම් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විසින් එම තරගාවලියේ දී රන් පදක්කම් හතක් සහ රිදී පදක්කම් පහක් සමඟ සමස්ත පදක්කම් දොළහක් ජයග්‍රහණය කිරීමට සමත් වූහ.
තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් ක්‍රීඩිකාවක් වූ මුලතිව්හි 20 හැවිරිදි ඉන්දුකාදේවි ගනේෂ් අවුරුදු 25 න් පහළ කිලෝ ග්‍රෑම් 48-52 බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට සමත් වූවා ය. මුලතිව් ප්‍රදේශයේ උපත ලද ඇය, තම පියා අහිමි වීමෙන් අනතුරුව මව සහ ඇයට උපකාර කළ කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව ක්‍රීඩාවේ නිරත වෙමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයකි.
අවුරුදු 10න් පහළ කිලෝ ග්‍රෑම් 20-24 බර පන්තිය යටතේ තරග වැදුණු එම්. මුආවියා, 30න් පහළ කිලෝ ග්‍රෑම් 60-65 බර පන්තියෙන් තරග කළ සී. රස්වි, 25න් පහළ කිලෝ ග්‍රෑම් 70-75 යටතේ තරග කළ එම්. සදීර්, 20න් පහළ කිලෝ ග්‍රෑම් 70-75 යටතේ තරග වැදුණු එස්. අක්තාර්, 25න් පහළ කිලෝ ග්‍රෑම් 56-60 යටතේ තරග කළ එම්. මිර්ශාඩ් සහ ප්‍රසාත් වික්‍රමසිංහ රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
ඔවුන්ට අමතරව 30න් පහළ කිලෝ ග්‍රෑම් 70-75 යටතේ තරග කළ එල්. හකීම්, 30න් පහළ කිලෝ ග්‍රෑම් 55-60 යටතේ තරග කළ එස්. අහමඩ්, 20න් පහළ කිලෝ ග්‍රෑම් 40-44 යටතේ තරග කළ එච්. ෆහමා, 18න් පහළ කිලෝ ග්‍රෑම් 48-52 යටතේ තරග වැදුණු ජේ. බණ්ඩාර සහ 30න් පහළ 70-75 කාණ්ඩයෙන් තරග වැදුණු එම්. නසීර් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.