
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය
පැය පහහමාරකට පසු වෙහෙසට පත් වූ නමුත් ජයග්‍රාහී ලෙස ඔහු බිමට බැස යන විට, නඩාල් ඔප්පු කළේ තමා තවමත් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග සඳහා තරග කිරීමට ප්‍රමාණවත් බව පමණක් නොව, යථාර්ථවාදීව තවත් ජයග්‍රහණය කළ හැකි බවයි.
ඝෝෂාකාරී මෙල්බර්න් ප්‍රේක්ෂකයන්ගේ සහාය ඇතිව 110 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඩැනියල් මෙඩ්විඩෙව් පරාජය කරමින් රෆායල් නඩාල් වාර්තාගත සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ජයග්‍රහණය කළේ ය. රෆායෙල් නඩාල් 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගත්තේ 2-6/ 6-7 /6-4 6-4 /7-5 ලෙස ඩැනියල් මෙඩ්විඩෙව් පරාජය කිරීමෙන් පසුව ය. ස්පාඤ්ඤ ජාතික රොජර් ෆෙඩරර් සහ නොවැක් ජොකොවිච් සමඟ එක්ව තබා තිබූ ග්‍රෑන්ඩ් ස්ලෑම් 20 පිරිමි වාර්තාව මෙකී ජයග්‍රහණයත් සමඟ ම අභිබවා ගියේ ය. පාදයේ ආබාධයක් හේතුවෙන් 2021 මැද භාගයෙන් පසු නඩාල් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට තරම්වත් යෝග්‍යතාවයෙන් සිටීද නැද්ද යන්න පිළිබඳ විශාල සැකයක් පැවතිණි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු විවෘත අවසන් පූර්ව තරග-යෙන් පසුව, නඩාල් පැවසුවේ ආබා-ධවලට ලක්ව නැවත පිටිය වෙත පැමිණීම ගැන සතුටු වන බවයි.
'සැකයකින් තොරව (එය) මගේ ටෙනිස් දිවියේ වඩාත් ම හැඟීම්බර තරගයක්. මේ සතිවල මට ලැබුණු විශාල සහයෝගය මගේ මුළු ජීවිත කාලය පුරාම මගේ හදවතේ පවතිනු ඇත, බොහෝමයක් ස්තූතියි.
මාස එකහමාරකට පෙර මම එය මගේ අවසන් ඔස්ට්‍රේලියානු විවෘත තරගය බව පැවසුවා, නමුත් දැන් මට එය දිගටම කරගෙන යෑමට විශාල ශක්තියක් ඇත. මට දැන් ඇති හැඟීම් පැහැදිලි කළ නොහැකියි, නමුත් මම පැමිණීමට මගේ උපරිමය කරනවා.'
මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණි-ගත කිරීම්වල පස් වැනි ස්ථානයේ පසුවන නඩාල් හමුවේ අවසන් මහ තරගයේ දී වට 3-2 ක් ලෙස පරාජයට පත් වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන රුසියාවේ ඩැනියල් මෙඩ්විඩෙව්ය.
තමාට වඩා අවුරුදු 10 කින් බාල තරුණයා හමුවේ පළමු වටය ලකුණු 6-2 ක් ලෙස පරාජයට පත්වූ තිස්පස් හැවිරිදි නඩාල්, දෙවැනි වටයේ දී සිය ප්‍රතිවාදියාට තියුණු සටනක් දුන්නේ ය. කෙසේ වුවත් සම ලකුණු බිඳීමේ අදියරකින් අනතුරුව දෙවැනි වටයද ලකුණු 7-6 ක් ලෙස ජයගත්තේ ද මෙඩ්විඩෙව් ය.
වට 2 ක් පරාජයට පත්ව තිබියදී තමා සතු අත්දැකීම් සම්භාරය මනාව ප්‍රයෝජනයට ගනිමින් ඉතා දක්ෂ ලෙස යළිත් තරගයට අවතීර්ණ වූ නඩාල්, තෙවැනි සහ සිවුවැනි වට ලකුණු 6-4 ක් ලෙස ජය ගනිමින් තරගය වට
2-2 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට සමත් විය.
දෙදෙනාට ම තීර්ණාත්මක වූ අවසන් වටය ද ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී ක්‍රීඩකයන් දෙදෙනා මාරුවෙන් මාරුවට ලකුණු රැස්කරන අයුරු දැකගත හැකි විය. කෙසේ වුවත් අවසානයේ දී මෙඩ්විඩෙව් ට ඉන් ලකුණු 7-5 ක පරාජයක් උරුමකර දුන් නඩාල්, සමස්ත තරගයේ ජය වට 3-2 ක් ලෙස තමන් සතු කර ගත්තේ ය.
හය වැනි වරට ඔස්ට්‍රේලියානු විවෘත අවසන් මහ තරගයකට පිවිසි නඩාල් එහිදී ජය ලැබූ දෙවැනි අවස්ථාව මෙය විය.
එක්සත් ජනපද විවෘත ශූරයා වන 25 හැවිරිදි මෙඩ්විඩෙව් ඔහුගේ දෙවන ප්‍රධාන ශූරතාව සඳහා ගමන් කරමින් සිටිය ද, නඩාල්ගේ මෙම ජයග්‍රහණය සුවිශේෂි වන්නේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට කිසි දිනෙක සංචාරයට පැමිණීමට නොහැකි වනු ඇතැයි සිතා මාස කිහිපයකට පසුවය.
පිටුවහල් කරන ලද නොවැක් ජොකොවිච් සහ ආබාධයකට ලක්ව සිටින රොජර් ෆෙඩරර් මෙල්බර්න්හිදී නොමැති විට, නඩාල් ඔහුගේ මහා ප්‍රතිවාදීන්ට වඩා ශූරතාවක් ඉදිරියෙන් සිටීමට මෙහි දී සමත් විය. මෙය නඩාල්ගේ දෙවැනි ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාව වන අතර එය දිනා ගත්තේ ය. මීට පෙර ඔහුගේ එකම 2009 ජයග්‍රහණයෙන් වසර 13කට පසුව විම ද විශේෂත්වයකි.
මීට පෙර ඕස්ට්‍රේලියානු වි-වෘත අවසන් තරග හතරක් ද (2019/17/14/12) පරාජයට පත් වූ නඩාල් කුසලාන පිරිනැමීමෙන් පසුව පැවසුවේ “එය මගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම හැඟීම්බර ජයග්‍රහණයක් බවට සැකයක් නැත, යන්නයි.
ඔහු ජොකොවිච් නොමැති විට ඉහළ ම ශ්‍රේණිගත පිරිමි ක්‍රීඩකයා විය.
අපි ටෙනිස් ගැන කතා කරනවා නම්, මම එතරම් කලකිරීමට පත් නොවෙමි, මෙඩ්විඩෙව් තරගයෙන් අනතුරුව පැවසීය.
'එය විශාල තරගයක්, නිසැකවම, මට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් මට මීට වඩා හොඳින් කළ යුතුයි. ඔහු ඇත්තටම ශක්තිමත්, ඔහු පැය හතරක් ක්‍රීඩා කළ ආකාරය, මම පවා පුදුමයට පත් වුණා.'
පැය පහහමාරකට පසු වෙහෙසට පත් වූ නමුත් ජයග්‍රාහී ලෙස ඔහු බිමට බැස යන විට, නඩාල් ඔප්පු කළේ තමා තවමත් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග සඳහා තරග කිරීමට ප්‍රමාණවත් බව පමණක් නොව, යථාර්ථවාදීව තවත් ජයග්‍රහණය කළ හැකි බවයි.
නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි කේවල ශූරතා 21ක් දිනාගෙන ඇති අතර, එය ඉතිහාසයේ වැඩිම ශූරතා වේ.
ඕස්ට්‍රේලියානු විවෘත (2009, 2022)
ප්‍රංශ විවෘත (2005, 2006, 2007, 2008, 2010, 2011, 2012, 2013, 2014, 2017, 2018, 2019, 2020)
විම්බල්ඩන් (2008, 2010)
ඇමරිකානු විවෘත (2010, 2013, 2017, 2019) ඒ අතරට අයත්ය.