
වාර්ෂිකව සංවිධානය කරන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය පසුගිය සති අන්තයේ චීන වරාය ආශ්‍රිතව පිහිටා ඇති ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
විශාල ගොල්ෆ් ක්‍රීඩක සහභාගිත්-වයකින් හා ප්‍රේක්ෂකයන් පිරිසක් සහිතව පැවැති මෙවර තරගාවලිය වෙනුවෙන් විදේශ තානාපති සේවාව නියෝජනය කරමින් එක්වන ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ අඩුවක් දක්නට ලැබීම කැපී පෙනිණි.
ආරක්ෂක ලේකම්වරයා පසුගිය වර 2021 ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් සහභාගි වූ නමුත් මෙවර ඔහු සහභාගි නොවූයේ රාජකාරිමය හේතු මත ය. ඒ අනුව මෙවර තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදු කරනු ලැබූයේ ය.
ගුවන් හමුදාපති ගොල්ෆ් තරගාවලිය වෙනුවෙන් සහභාගි වූ විශේෂ තරගකරුවන් අතර ශ්‍රී ලංක ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේ ය. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගාවලිය අතිදුෂ්කර ස්වාභාවික බාධාවන් සහිතව පැවැත්වෙන අභියෝගාත්මක ගොල්ෆ් තරගාවලියක් ලෙස සැලකෙයි. ඒ හෙයින්ම ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන විශාල ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට දක්වන්නේ දැඩි කැමැත්තකි. නවවැනි වරටත් මෙවර සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් සහභාගි වූයේ එහෙයිනි.
ගුවන් හමුදාපති කුසලානයට අම-තරව දක්‍ෂත ම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රීඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලාන සඳහා ද තරගයක් පැවැති-යේ ය.
මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් මෙසේය.
ගුවන් හමුදාපති කුසලාන ගෝල්ෆ් පිරිමි ශූරතාව- කපිතාන් ජයලත් පෙරේරා (විශ්‍රාමික)
ගුවන් හමුදාපති කුසලාන ගෝල්ෆ් කාන්තා ශුරතාව - නිලෝ ජයතිලක
දක්‍ෂත ම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රීඩකයා - කොමදෝරු කේ.එම්.එම්.පී.කරුණාතිලක
මෙම වසරේ ගුවන් හමුදාපති කුස-ලාන ගෝල්ෆ් තරගාවලිය සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වා තිබිණි. තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබිණි.
ඡායාරූපය - ජගත් ඉරෝෂණ