ගෑස් හිඟය අවසන් | Page 3 | සිළුමිණ

ගෑස් හිඟය අවසන්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හිඟය මේ වන විට නිමාවට පත්ව ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙක් සිළුමිණට කීය. මේ වන විට දිවයිනේ සියලුම නගරවල ප්‍රධාන අලෙවි නියෝජිතයන් සතුව ගෘහස්ත ගෑස් සිලින්ඩර් තිබෙන බවත් ජනතාවට පෝලිම් නොමැතිව ගෑස් සිලින්ඩර් ලබා ගත හැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මේ අනුව ඉදිරි සතියේදී සුළු පරිමාණ අලෙවිසල් වෙතද හිඟයකින් තොරව ගෑස් සැපයුම කළ හැකි වනු ඇත. දෛනික සාමාන්‍ය ගෑස් සිලින්ඩර් ඉල්ලුම 65,000 සිට ලක්ෂ 200,000කට ආසන්න මට්ටමට නැඟ තිබුණු නමුත් වර්තමානයේ ගෑස් ඉල්ලුම 90,000කට පමණ අඩුව තිබේ. සමාගම විසින් දෛනිකව සිලින්ඩර්

බෙදාහැරීම 90,000ක් දක්වා ඉහළ නංවා ඇති අතර කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර් බෙදාහැරීමේ පමණක් සුළු ප්‍රමාදයක් තිබෙන බව කියති.

Comments