ලෝක කුසලාන සුපර් ලීග් වටය ශ්‍රී ලංකාවට තීරණාත්මක වසරක් | Page 2 | සිළුමිණ

ලෝක කුසලාන සුපර් ලීග් වටය ශ්‍රී ලංකාවට තීරණාත්මක වසරක්

 

'ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන්නේ කවු ද? සුදුසුකම් ලැබීමේ සටනකට සහභාගි වී සුපිරි වටයට එක්වන්නේ කවුරුන් ද? ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය අරබයා සුදුසුකම් සපුරා ගැනීමට අසමත් වන ටෙස්ට් රාජ්‍යයන් වන්නේ මොනවා ද? ඉදිරියේ සිදුවීමට නියමිත එම සංසිද්ධීන් පිළිබඳ ඡායාත්මක අදහසක් මෙම ලිපියෙන් ලබා ගත හැකි ය.'

 

පසුගිය වසරේ නොවැම්බර් මස 26 දා පැවැති නෙදර්ලන්ත - දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ප්‍රථම තරගයෙන් අනතුරුව නව වසරේ ජනවාරි මස සිට ජගත් එක්දින පිටිය යළි සක්‍රිය බවට පත්වෙයි. ඒ මෙම මාසය තුළ තරග මාලා කිහිපයක් පැවැත්වීමෙනි.

2023 ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මීළඟ ලෝක කුසලාන තර-ගාවලියට සෘජු ව සුදුසුකම් ලබන කණ්ඩායම් අටට ඇතුළත් වීම සඳහා දැනට කණ්ඩායම් 13 ක් අතර තරගයක් මතුව පවතී. එසේ සුදුසුකම් ලැබීමට නොහැකි වන්නේ නම් 2023 වසරේ සිම්බාබ්වේ දේශයේ පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවී ඉන්දියාවට යන්නේ ද? නැතහොත් සුදුකම් නොලබා තම මව්බිම වෙත යන්නේ ද? යන අභියෝගය මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන රටවල් හතරක් හෝ පහක් ඉදිරියේ ඇති අභියෝගාත්මකක ප්‍රශ්නය වී තිබේ.

ස්ථාන අටක් සඳහා කණ්ඩායම් තෝරා ගනු ලැබුවද ඇත්තෙන් ම පවතිනුයේ ස්ථාන හතක් පමණි. මන්ද මීළඟ ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ඉන්දියාව ලෝක කුසලානය වෙනුවෙන් දැනටමත් සුදුසුකම් ලබා ගෙන ඇති හෙයිනි. 2022 නව වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ද එක්දින පිටියේ මුහුණ දෙන මූලිකම අභියෝගය මෙය වනු ඇත. ඒ මේ වන විට සුපර් ලීග් වටයේ මුල් ස්ථාන අට තුළ ස්ථාවර වීමට ඇත්තේ තවත් තරග නවයක් පමණක් වීම හේතුවෙනි.

කණ්ඩායම් වත්මන්හි පසුවන ස්ථාන මෙහි දක්වා ඇති වගුවෙන් පැහැදිලි වනු ඇත.

ඒ වගුවට අනුව මේ වන විට වැඩිම තරග ගණනකට මුහුණ දී ඇත්තේ එංගලන්තය, අයර්ලන්තය හා ශ්‍රී ලංකාව ය. ඉන් එංගලන්තය ලෝක කුසලානයේ සුපිරි අටේ කණ්ඩායමක් බවට පත්වීමේ දී යම් ස්ථාවත්වරයක් දක්වා ඇත. බංග්ලාදේශය ද යම් ස්ථාවර භාවයක් හිමි කර ගෙන තිබෙන හෙයින් ඔවුනට ද අවස්ථාවක් හිමි වන්නට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව සිටිනුයේ එහි හයවැනි ස්ථානයේ ය. ඊට වඩා පසුපසින් සිටින පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් ශ්‍රී ලංකාව අභිබවා ඉදිරියට ඒමේ තර්ජනයක් දැන් මතුව විත් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවට මේ වන විටත්

සෘජුව ම අවසන් කණ්ඩායම් අතරට පැමිණීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇති දැයි යන සැකය මතුවෙයි.

පසුගිය වසරේ කොදෙව් පිල ඉදිරියේ 0-3, බංග්ලාදේශය ඉදිරියේ 1-2, එංගලන්තය ඉදිරියේ 0-2, ඉන්දියාව ඉදිරියේ 1-2,දකුණු අප්‍රිකාව ඉදිරියේ 2-1ලෙස ශ්‍රී ලංකාව ප්‍රතිඵල අත් කර ගත් අතර තරගාවලි ජයක් අත් කර ගත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිව 2-1 ලෙස පමණි.

ඉදිරි අභියෝග

මේ අනුව ශ්‍රී ලංකාවට ඉදිරියේ දී තරග වැදීමට නියමිතව ඇත්තේ සිම්බාබ්වේ, නවසීලන්ත, ඇෆ්ගනිස්ථානය යන රටවල් තුන සමඟ පමණි. මේ අතරින් සිම්බාබ්වේ සමඟ තරගාවලිය ලබන සතියේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි. එම තරගාවලියේ තරග තුන ම ජය ගතහොත් ශ්‍රී ලංකා-වට තවත් ලකුණු 30 ක් හිමි වෙයි.

ඇෆ්ගනිස්ථානය සමඟ ද තරගාව-ලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ ය. නමුත් ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ප්‍රබල කණ්ඩායමකි. එහෙත් ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත් අසීරුත ම තරගාවලිය නවසීලන්තය සමඟ තරගාවලිය ය. ඔවුන් වත්මන්හි පසු-වන ශක්තිමත් තත්ත්වය මෙන් ම තරගාවලිය එරට පැවැත්වීම ද වඩාත් අභියෝගාත්මක ය.

තරගමාලා නීතියට අනුව එක තරග ජයක් සඳහා ලකුණු දහයක් ද තීරණයක් නැති තරග සඳහා ලකුණු පහක් ද හිමි වෙයි. ඒ අනුව ඉදිරි තරගමාලා තුනේ තරග නවයම ජයගතහොත් ශ්‍රී ලංකා-වට හිමිවන උපරිම ලකුණු සංඛ්‍යාව 90 කි. ඒ සියලු තරග ජයගතහොත් ලබා ගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 132 කි.

කෙසේ නමුත් මෙම වසරේ මුල් මාස තුන සුපර් ලීග් වටයේ වඩාත් වැදගත් මාස කිහිපය සේ සැලකිය හැකි ය. එම මාස තුන තුළ මෙම ලකුණු සටහන උඩු යටිකුරු වීම අනිවාර්යයෙන් ම සිදු වනු ඇත. කොදෙව් දුපත් හා අයර්ලන්තය අතර කොදෙව් දූපත් හි දී, දකුණු

අප්‍රිකාව හා ඉන්දියාව අතර දකුණු අප්‍රිකාවේ දී, ඇෆ්ගනිස්ථානය හා නෙදර්ලන්තය අතර කටාර් හි දී, ඉන්දියාව හා කොදෙව් දූපත් ඉන්දි-යාවේ දී, ඔස්ට්‍රේලියාව හා නවසීලන්-තය ඔස්ට්‍රේලියාවේ දී ද තරග වැදීමට නියමිත ය. එසේම බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර, නවසීලන්තය හා නෙදර්ලන්තය අතරත් ඇෆ්ගනිස්ථානය හා ඔස්ට්‍රේ-ලියාව අතර ඔස්ට්‍රේලියාව හා පාකිස්-ථානය අතරත් ඉදිරියේ දී තරග පැවැත්වීමට නියමිත ය.

 

Comments