
බස්නාහිර පළාත් මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ බස්නාහිර පළාත් මේස
පන්දු ශූරතාව පසුගියදා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ඔනෙලි ලෙහන්සා හා ඩිරන් හාමර් පිළිවෙළින් බාලිකා හා බාලක ඒකල ශූරතා හිමි කර ගනිමිනි. ඒ අනුව තරගාවලියේ නෝටන් පෙරේරා අනුස්මරණ අභියෝගතා කුසලානය ඩිරන් හාමර්ට පිරිනැමුණු අතර අයිරාංගනී පෙරේරා අනුස්මරණ අභියෝගත කුසලාන පිරිනැමුණේ ඔනෙලි ලෙහෙන්සා ක්‍රීඩිකාවට ය.
තරග ප්‍රතිඵල
බාලිකා
අවුරුදු 9 න් පහළ
සිතුකි සිනෙල්යා (සුමේධ විදුහල - ගම්පහ) විසින් 04/11, 11/07, 11/07 ලෙස මාලබේ හොරයිෂන් විද්‍යාලයේ සනුති වීරසිංහ පරාජය කළා ය.
අවුරුදු 11 න් පහළ
බෝපිටිය ලොයොලා විද්‍යාලයේ හංසි මලීෂා විසින් 12/10, 04/11, 13/11 ලෙස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ රිශාලි සේනානායක පරාජය කළා ය.
අවුරුදු 13 න් පහළ
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විද්‍යාලය) විසින් 11/02,11/05
කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විදශාලයේ නඳුනි අනුප්‍රිය පරාජය කළා ය.
අවුරුදු 15 න් පහළ
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් 04/11, 12/10, 11/07 ක් ලෙස කොළඹ කාන්තා විද්‍යාලයේ මින්නා හසීම් පරාජය කළා ය.
අවුරුදු 17 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විද්‍යාලය) විසින් 11/07, 11/07 ක් ලෙස මියුසියස් විද්‍යාලයේ සඳින්ති ජයසිංහ පරාජය කළා ය.
අවුරුදු 19 න් පහළ
තරින්දි තමීෂා පෙරේරා (කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විදුහල) විසින් 11/08, 11/09 විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ මිනාදි සවිඳුලා පරාජය කළා ය.
කාන්තා ඒකල
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විද්‍යාලය) විසින් 11/06, 06/11, 11/08 ක් ලෙස කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ මිනාදි සවිදුලා පරාජය කළා ය.
බාලක
අවුරුදු 9 න් පහළ
කෙනුර සිල්වා (ඉසිපතන විදුහල - කොළඹ) විසින් 11/04, 11/06 ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ අනුසර ජයවර්ධන පරාජය කළේ ය.
අවුරුදු 11 න් පහළ
ආහිල් නැබීල් (කොළඹ රාජකීය විදුහල) විසින් 11/09, 11/08 ක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ රුසාත් ආනන්ද පරාජය කළේ ය.
අවුරුදු 13 න් පහළ
දීවන්ත වීරසේන (ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් 11/04, 11/ 05 ක් ලෙස කොළඹ දකුණු ජාත්‍යන්තර පාසලේ අකේන් සුරංග පරාජය කළේ ය.
අවුරුදු 15 න් පහළ
දෙව්මෙත් වීරසේන ( නුගේගොඩ ලයිසියම් විද්‍යාලය) විසින් 12/10, 09/11, 11/05 ක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ තිසුම් ගමගේ පරාජය කළේ ය.
අවුරුදු 17 න් පහළ
ඩිරන් හාමර් (කොළඹ රාජකීය විද්‍යාලය) විසින් 07/11, 11/07, 11/04 ක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ සාලුක මතීෂ ප්‍රේමචන්ද පරාජය කළේ ය.
අවුරුදු 19 න් පහළ
විහඳු කෑරගල (කොළඹ රාජකීය විද්‍යාලය) විසින් 10/12, 11/06, 11/05 කොළඹ රාජකීය විද්‍යාලයේ වින්ගු කෑරගල පරාජය කළේ ය.
පිරිමි ඒකල
ඩිරන් හාමර් (කොළඹ රාජකීය විද්‍යාලය) විසින් 11/08, 11/07ක් ලෙස නුගේගොඩ ලයිසියම් විදුහලේ දෙව්මෙත් වීරසේන පරාජය කළේ ය.