
'මඩ සෝදාගත් පසු ගොවියා රජකමටත් සුදුසු ය. ඒ අනුව බලන කල් හි ඇය කුමරියකි. නිකම් ම නිකම් කුමරියක් නොව රජ කුමරියකි. ඒ ඇය ගොවි රජකුගේ දියණියක වන හෙයිනි. නමින් හඳුන්වන්නේ නම් ඈ වැල් වායේ නිමේෂා නිදර්ශනී ය. නිමේෂා මස 15 වැනි දා ඉන්දියාවේ නාගලන්තයේ පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ (SAAF) රට හරහා දිවීමේ ශූරතාවයට තරග වදින ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකාවකි. මේ ඇගේ ධාවන ජීවිතය සම්බන්ධයෙන් තැබෙන සංක්ෂිප්ත සටහනකි.'
නිමේශා නිදර්ශනී ජීවත් වන්නේ වැල්ලවාය බුදුරුවගලෙය. ඇගේ පියා ගොවියෙකි. ඔහු නිකම් ම නිකං ගොයියෙක් නොව පොළොව සමඟ ගැටී දරු පවුලක් ජීවත් කරවන ගොවියෙකි. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ගොවි රජෙකි. ඒ අනුව බලන කල නිමේශා යනු ඔටුනු නොපැලඳුව ද තම ගොවි පියාගේ රජ පවුලේ උපන් කුමරියකි. ඇගේ සුවිශේෂත්වය වනුයේ පැටි වියේ සිට ක්‍රීඩාවට උපන් හපන්කම් පෑම ය. ඇගේ පාසල වූයේ බුදුරුවගල මහා විද්‍යාලය යි. ඈ 2007 වසරේ සිට ජයග්‍රහණ රැසක් හිමිකර ගත් හෙයින් ප්‍රදේශයේ වඩාත් ප්‍රකට වූයේ ක්‍රීඩිකාවක ලෙස ය.
2013 වසරේ දී සමස්ත ලංකා අර්ධ මැරතන් (කිලෝමීටර් 21ක දුරක් පැවති) තරගාවලියෙන් පළමු තැන දිනා ගත් නිමේෂා එම වසරේම පැවැති කලම්බු
අර්ධ මැරතන් (කිලෝමීටර් 21ක) තරග-යෙන් තෙවැනි තැන දිනා ගැනීමට සමත් වූයේ ජාතික තලයේ දෙනෙත් වැල්ලවාය දෙසට හරවමිනි.
2014 සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගයේ දී තෙවැනි ස්ථානය දිනා ගත් ඈ 2015 වසරේ දී යළිත් කලම්බු අර්ධ මැරතන් තරගයේ ජයග්‍රාහිකාව වූවා ය. ජාතික යොවුන් ක්‍රීඩා උෙලළේ අර්ධ මැරතන් තරගයේ පස්වැනි ස්ථානයත් මීටර් 1500 ඉසව්වෙන් තෙවැනි ස්ථනයත් ඇය හිමිකර ගත්තේ මේ අතරේ ය.
ගොවි ගෙදර ධාවිකාවගේ ධාවනයට තහංචි
කෙසේ නමුත් දැන් ඇගේ පියාට පොළොව හා ගැටී ගොවිතැන් කිරීම අපහසු ය. ඒ නිෙවසේ බොහෝ කටයුතු
සිදු කරන්නේ ඔහු දෑතෙන් ම වන හෙයි-නි. එය ආහාර පිළියෙල කිරීමේ සිට සෙසු කටයුතු දක්වා විහිදී ඇත. එය එසේ වී ඇත්තේ නිමේෂා ගේ මවගේ හිස් කබලේ ඇති වන අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට ගෘහයක් පාලනය කර ගැනීමට හැකියාව අහිමිව ී ඇති හෙයිනි.
කුඩා මොළය ආශ්‍රිත ව හටගත් ප්‍රදාහයක් හේතුවෙන් ඈ සිටින්නේ අඩ වශයෙන් ගිලන් ව ය. 2017 දී පමණ නිමේශාගේ මවගේ රෝගය උත්සන්න විම හේතුවෙන් මවට ප්‍රතිකාර ලබාදීමට රෝහලට රැගෙන යෑම හා ඇගේ සහායට ළඟ රැඳීමට සිදු වූ හෙයින් නිමේශාට ධාවන තරගවලින් ඉවත් වීමට සිදුව තිබිණි. එහෙත් ඈ යළි 2018 වසරේ දී මැරතන් තරග සඳහා ඉදිරිපත් වූවා ය. 2019 දී යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ මිටර් 5000 ඉසව්වෙන් තෙවැනි ස්ථානයත් මීටර් 3000 බාධක තරගයේ ප්‍රථම ස්ථානයත් හිමිකර ගන්නා ඇය 2019 වසරේ දී කනිෂ්ඨ ජාතික තරගාවලියේ මීටර් 10000 ඉසව්වෙන් තෙවැනි තැන හිමි කරගත්තා ය. එසේ ම 2020 සහ 2021 යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 10000 ඉසව්වෙන් තෙවැනි තැනට පත්වන්නේ හිතේ ශක්තිය නිසාම ය.
පසුගිය දින නිමාව දුටු 33 වන ජාතික යෞවන ක්‍රීඩා උෙලළේ මීටර් 5000 දුර දිවීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් මිටර් 1500 ඉසව්වෙන් දෙවැනි ස්ථානත් හිමිවූයේ ඇයටය.
සපත්තු නැතිව ධාවනය
නිමේශා දුවන්නේ ධාවන සපත්තු පැළඳ නොවේ. ඒ ඇයට සපත්තු යුවළක් මිල දී ගැනීමට වත්කමක් නොමැති හෙයිනි. ඈ දැනට යුද හමුදාවට සම්බන්ධව රැකියාවේ නියැළෙන නමුත් ඉන් ලැබෙන වේතනයෙන් මවගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර කිරීම, නිෙවසේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට මෙන් ම තවමත් පාසල් යන සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු වලට විය පැහැදම් කිරීමට සිදුව තිබීම හේතුවෙන් පාවහන් යුවළක් මිල දී ගැනීම අසීරු කර තිබුණේ ය. එහෙයින් කිසි දා සපත්තු පැලැඳ තරග කර නැති හෙයින් නිමේෂාට දැන් සපත්තු නුහුරු ය. ප්ලාස්ටර් ගසා ආවරණය කර ගත් දෙපාවලින් ඈ ධාවනයේ යෙදෙන්නේ එහෙයිනි.
වත්මන් පුහුණුකරු ජෑන්ස් දිසානායක ගේ පුහුණු කිරීම්වල දී සපත්තු අනිවාර්යය අංගයක් වීම නිසාත්, එළැඹෙන 15 වැනි දා ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටිය ද, දැඩි ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ක්‍රීඩා කටයුතුවල නිරත වන නිමේෂා ට එකී තරගය සඳහා ඉදිරිපත් විමට අවශ්‍ය ධාවන සපත්තු දෙකක් සොයා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ව තිබිණි. එහෙත් ඇයට ඒ සඳහා මඟක් තිබුණේ නැත. යම් දක්ෂතාවයක් වේ ද එය ආලෝකමත් කිරීමට
ඕනෑ තරම් කරුණාබර හදවත් ලොව ඇතැයි යන්න ප්‍රකට කරමින් නිමේශාගේ අවශ්‍යතාවය නිමේශයෙන් ඉටුකර දීමට ඉදිරිපත් වූයේ එංගලන්තයේ වෙසෙන සුන්දර මිනිසකු වූ සුජිත් විරසිංහයන් ය. ඒ අනුව දැන් නිමේශාට ධාවන පාවහන් යුවළක් මිලදී ගන්නට ඔහු මුදල් ලබාදී ඇත. හෙට දිනයේ නාගලන්තයේ දී ඈ දිවයන්නේ සුජීව ත්‍යාග වශයෙන් දුන් මුදලින් මිලදී ගත් ධාවන සපත්තු යුවළක ජවය ද තම වේගයට ගොනු කරමිනි. මේ ඇගේ ජීවිතයේ දිගු ධාවනයක තවත් එක් පියවරකි. 'ක්‍රීඩා' ඇයට සුබ පැතුම් එක් කරන්නේ නිමේශා නිදර්ශනී ට රටේ සුවහසක් අහිංසක, දිළිඳු හැකියාවෙන් පිරිපුන්
දරු දැරියන්ට නිදර්ශනයක් වෙන්නට හැකිවේවා යැයි ද ප්‍රාර්ථනය කරමිනි.