මොකක්ද මේ BOXING DAY ක්‍රීඩා තරග | සිළුමිණ

මොකක්ද මේ BOXING DAY ක්‍රීඩා තරග

 

'බොක්සිං දවසේ ක්‍රිකට් තරගය දැන් රටවල් කීපයක ක්‍රීඩා කරයි. එහෙත් එහි නියම හිමිකම ඇත්තේ ඔස්ට්‍රේලියාවට ය. ඇත්තටම බොක්සිං දින ක්‍රීකට් තරගය යනු කුමක් ද? මේ ඒ ගැන ය.'

සමස්ත ලෝකවාසීන්ගෙන් අඩකටත් වඩා පිරිසක් දෙසැම්බර් මාසය උදාවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති. ඒ, සීතල දෙසැම්බරයෙහි උදා-වැනි නත්තල් අසිරිය විඳ ගැනීමට ය. දෙසැම්බර් 25 වන දාට යෙදෙන නත්තල් උත්සවය එදින ම අවසන් නොවේ.

ඒ නත්තලෙහි සොඳුරු සැණකෙලි 25 වනදායින් පසුව එළැඹෙන සතිය මුළුල්ලෙහි ම දැකගත හැකි වන්නේ එහෙයිනි. ඒ අතර දෙසැම්බර් 26 වැනි දා ට යෙදෙන බොක්සිං දිනයට ප්‍රධාන තැනක් හිමි වෙයි. ආගමික උත්සවයක් ලෙසින් සැලකෙන ‍මෙම සැමරුමට පසු කාලීනව ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩාවන් ද එක් විණි.

ද බොක්සින් ඩේ

බොක්සිං දිනය යෙදෙන්නේ නත්තල් දිනයට පසු දින ය. ඒ නත්තලේ සතුට විඳ ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති ජනතාව වෙනුවෙනි. එවන් දිළිඳු අසරණ අයවලුන්ටත් නත්තල ප්‍රීතිමත් දිනයක් බවට පත් කරවීම, බොක්සිං දින සැමරුමේ දී සිදු වෙයි. ඒ සඳහා යමක් කමක් ඇති අය, නත්තල් දින සැමරුමේ දී භාවිත කරන බඩු භාණ්ඩවලින් කොටසක් පෙට්ටියක තැන්පත් කිරීම සිදු කරති.

එසේ තැන්පත් කරන බඩු භාණ්ඩ ‍පෙට්ටි, පසු දිනයේ දී දිළිඳු ජනයා හට තෑගි කිරීම සිදු වෙයි. ශාන්ත ස්ටීවන් දිනය, හිත හොඳ දිනය, පිරිනැමීමේ දිනය ආදි විවිධ නම්වලින් හඳුන්වන මෙම දිනය කිතුනු බැති-මතුන් වැඩි වශයෙන් වාසය කරන ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව ආදි රටවල්හි සමරනු ලැබෙයි.

බොක්සිං දවසේ ක්‍රීඩා ඇරඹුණු හැටි

ලොව බොහෝ රටවල නත්තල්

දිනය මෙන්ම එදිනට පසුව යෙ‍දෙන බොක්සිං දිනය ද නිවාඩු දිනයකි. එදිනට බොහෝ දෙනා සිය පරිත්‍යාග කිරීම් සඳහා කාලය වෙන් කර ගනී.

පරිත්‍යාගයන් සිදු කිරීමෙන් අන-තුරුව ඔවුහු සාප්පු සවාරියේ යති. තවත් පිරිස් විවිධ ක්‍රීඩාවන්හි යෙදෙති. ඒ අනුව විවේකයෙන් විනෝදයෙන් එදින ගත කිරීමට එම රටවල ජනයා පුරුදු වී සිටී. බොක්සිං දිනයේ විවිධ ක්‍රීඩා ඉසව් ඔස්සේ ක්‍රීඩා තරග සංවිධානය කිරීම ද සිදු වන්නේ ඒ අනුව ය. එදින විවේකයෙන් ගත කරන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් එම ක්‍රීඩා තරග සංවිධානය කෙ‍රෙයි. ඒ අනුව යුරෝපය, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව ආදි මහද්වීපයන්හි රග්බි, පාපන්දු, ක්‍රිකට් ආදි විවිධ ඉසව් ඔස්සේ ක්‍රීඩා තරග පැවැත්වෙයි. එ්වා බොක්සිං ඩේ ස්පෝර්ට්ස් යනුවෙන් හඳුන්වනු ලබයි.

සාමාන්‍යයෙන් වසරක් පාසා එදින පැවැත්වෙන ක්‍රීඩා තරගාවලි අතර අමෙරිකා එක්සත් ජනපදයේ මැන්චෙස්ටර්, නිව්කාස්ට්ල් පාපන්දු සටන, විලියම් හීල් තුරඟ තරගය, ඔස්ට්‍රේලියා මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගය, ස්විස්-ටර්ලන්තයේ ස්පෙන්ග්ලර් අයිස් හොකී කුසලාන තරගාවලිය ඇතුළු අන්තර්ජාතික මට්ටමේ මෙන්ම දේශීය මට්ටමින් ජනප්‍රියත්වයට පත් වූ ක්‍රීඩා තරගාවලියන්ට ප්‍රධාන තැනක් හිමි‍ වෙයි.

මෙල්බර්න් ක්‍රීඩාංගණයේ

පැවැත්වෙන ටෙස්ට් තරගය

බොක්සිං දිනයෙහි පැවැත්වෙන අන්තර්ජාතික මට්ටමේ ප්‍රධාන ක්‍රීඩා තරගාවලියක් ලෙස මෙල්බර්න් ටෙස්ට් තරගය හඳුන්වා දිය හැකිය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ජා-ත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායමක් මෙහිදී තරග වැදෙයි. එය දෙසැම්බර් 26 වන දා ඇරඹෙයි.

මෙම තරගය මුල් වරට පැවැත්වුණේ 1950 වසරේ දී ය. ඒ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ය. එම තරගයෙන් ඕස්ට්‍රේලියාව ජය ගනු ලැබිණි. ඉන් අනතුරුව 1952, 1968, 1974, 1975 යන වසරවල දී ත් 1980 දශකයේ 1989 හැර අන් සියලු ම වසරවල දී ත් ඉන් පසු 2020 දක්වා අඛණ්ඩවත් මෙම ටෙස්ට් තරගය පැවත්විණි. 1995 සහ 2012 යන වසරවල දී ශ්‍රී ලංකාව මෙම තරගයට සහභාගි විය. 1989 වසරේ බොක්සිං දිනයේ දී ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරගයක් පැවති අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව එහිදී තරග වැදුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එංගලන්තය සමඟ ඔස්ට්‍රේලියාව ගැටෙන මෙම තරගය ‍බොහෝ විට අළුබඳුන ටෙස්ට් තරගාවලිය හා සම්බන්ධ කර ගැනීම සාම්ප්‍රදායිකව සිදු වෙයි. මෙවර බොක්සිං ඩේ ‍තරගය ලෙස නම් කර ඇත්තේ අළු බඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයයි.

ස්විස්ටර්ලන්තයේ ස්පෙන්ග්ලර්

අයිස් හොකී කුසලාන තරගාවලිය

බොක්සිං දිනය වෙනුවෙන් පැවැත්-වෙන පැරැණිතම ක්‍රීඩා තරගාවලියක් ලෙස මෙම තරගය පෙන්වා දිය හැකි ය. 1923 වසරේ ඇරඹි මෙම තරගාවලියේ නිර්මාතෘ වන්නේ ආචාර්ය කාල් ස්පෙන්ග්ලර් ය. සෑම වසරක ම දෙසැ-ම්බර් 26 වැනිදා සිට 31 වැනිදා ‍තෙක් පැවැත්වෙන මෙම තරගාවලියට කැනඩාව, රුසියාව, ජර්මනිය, චෙක් ජනරජය, පින්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් රැසක් සහභාගී වෙයි.

පසිඳු මිහිරාන් රැටියල

 

Comments