බුද්ධිමත්ව තේරුම් ගත යුතු සබුද්ධි සම්මානය | Page 2 | සිළුමිණ

බුද්ධිමත්ව තේරුම් ගත යුතු සබුද්ධි සම්මානය

 

‘සම්මාන අපූරු ය. සම්මාන නිර්දේශය තවත් අපූරු ය. සෑම සම්මාන උළෙලක් අවසානයේම සම්මානයට පාත්‍රකළ ආකාරය පිටුපස ඇති කතා ඇසීම තවත් සන්තුෂ්ටිකර ය. පසුගිය දා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී සම්මාන උළෙලක් පැවැත්විණි. ඒ මෙරට ක්‍රීඩාව වෙනුවෙන් මාධ්‍ය සිදු කරන මෙහෙවර අගයමිනි. එහි දී ‘ක්‍රීඩා’ පුවත්පතට ද කුසලතා සම්මානයක් පිරිනැමුණේය. ඒ සතිපතා ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් දෙස් විදෙස් ලිපි ඇතුළත් කොට පිටු දහසයකින් සිදු කරන මෙහෙවර අගය කරමිනි. ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් ප්‍රශස්ත සම්මානය පිරිනැමුණේ ඉරිදා ලංකාදීප පුවත්පත විසින් පළ කරනු ලබන ක්‍රීඩා පිටුව වෙනුවෙනි. දිනමිණ පුවත්පතේ ක්‍රීඩා පිටුවටද කුසලතා සම්මානයක් හිමිවුණේ ය. මේ ඒ සම්මාන උළෙලේ තොරතුරුය.’

එස්.එල්.ටී. මොබිටෙල් පූර්ණ අනුග්‍රහය ඇතිව ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව අඛණ්ඩව දෙවැනි වරටත් සංවිධානය කළ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී ය.

සම්මානලාභීන් හා කුසලතා සහ-තිකලාභීන් අංශ 13 ක් වෙනුවෙන් සම්මාන පිරිනැමුනු අතර වසරේ ක්‍රීඩා සාහිත්‍ය සිනමාව, වසරේ සාහිත්‍ය ගීතය සහ වස‍රේ ක්‍රීඩා විද්‍යාත්මක කෘතිය යන අංශයන්ගෙන් කිසිවෙකුත් සුදුසුකම් සපුරා නොතිබුණු නිසා මෙවර අදාළ අංශයන් යටතේ සම්මාන පිරිනොනැමිණි.

වසරේ සබුද්ධි ස්වර්ණ සම්මානය නීතිඥ නීල් විජයරත්න මහතා වෙත පිරිනැමුණු අතර, වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා සම්මානය සුසිල් රණසිංහ මහතාටත් වසරේ ක්‍රීඩා සාහිත්‍ය කෘතිය සම්මාන ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මිය වෙතත් පිරිනැමුණි.

වසරේ සාහිත්‍ය සති අන්ත පුව-ත්පත ‘ඉරිදා ලංකාදීපය’ කුසලතා සහතිකය ‘ක්‍රීඩා පුවත්පතට’ හා ‘රාවය’ පුවත්පතටත් හිමිවිය. වසරේ සාහිත්‍ය දිනපතා පුවත්පත ‘අරුණ’, කුසලතා සහතිකය ‘දිනමිණ’, ‘මව්බිම’ පුවත්පත් වෙතත් පිරිනැමිණි.

වසරේ ක්‍රීඩා සාහිත්‍ය ජායාරූපය කැලුම් චාමර, කුසලතා සහතිකය වරුණ ලක්මාල්, වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍ය පවරි කොම් කුසලතා සහතිකය බැට්ස්මන් කෙමි හා ශ්‍රී ලංකන් ස්පෝට්ස් කොම්, වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන් විදුලිය ලක්හඬ,

කුසලතා සහතිකය වෙළෙඳ සේවය, සියත 88.8, වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය, කුසලතා සහතිකය දෙරණ,වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විශේෂ ඇගයීම් සම්මානය සඳකඩ ප්‍රකාශන, වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණ නිබන්ධනය චන්දන ආටිගල සහ ප්‍රමේෂ් තොටවත්ත, කුසලතා සහති-කය නදුනි විජේතුංග, වසරේ ක්‍රීඩා සහතිකය විවිධ විෂයික කෘතිය ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය සරත් ජයසිංහ, කුසලතා සහතිකය විද්‍යාත්-මක කාය වර්ධන ජනක සමරසිංහ, චීන වුෂූ මූලික ක්‍රම ජයලත් එස්

ගෝමිස් (පරිවර්තන) එම්. සාෆීර් (සං-ස්කෘතික), වසරේ ක්‍රීඩා සංස්කෘතික කෘතිය ක්‍රීඩාව හා සමාජ චල්‍යතාවය ආචාර්ය සමන්තා නානායක්කාර, වසරේ ක්‍රීඩා සබුද්ධි ක්‍රීඩා සම්මානය දිනේෂ් ප්‍රියන්ත හා සමිත දුලාන්

මෙවර සබරගමු විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට ක්‍රීඩා පර්යේෂණ නිබන්ධනයට සම්මාන පිරිනැමුණු බවත් ඉදිරියේදී විශ්ව විද්‍යාල සිසුන්ගේ ක්‍රීඩා පර්යේෂණ නිබන්ධන කෙරෙහිද අවධානය යොමු කිරීමට නියමිත බව සබුද්ධි සාහිත්‍ය බුද්ධි මණ්ඩලය අවධාරණය කර සිටී.

උදුලා පීරිස් 

Comments